TT Ads

ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය (LKI) මගින් “Port City SEZ – A Catalyst for Modern Services in Sri Lanka” (කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය – ශ්‍රී ලංකාවේ නවීන සේවාවන් සඳහා උත්ප්‍රේරකයක්) නමින් විශේෂ සාකච්ඡාවක් 2020 ජුනි මස 04 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙයට සමගාමීව PwC Sri Lanka ආයතනයේ මැදිහත්වීම් කාර්යයෙන් “Colombo Port City: Potential growth impact for Sri Lanka” (කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ වර්ධනය සඳහා බලපෑම් කිරීමට ඇති හැකියාව) මැයෙන් අන්තර්ජාලය ඔස්සේ සම්මන්ත්‍රණයක් එදින පෙ.ව 11.00ට  ආරම්භ කිරීමටද නියමිතය.

2014 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ කොළඹ වරාය නගරය, නිදහසින් පසුව ගතවූ වසර 70කට අධික කාලය තුල මහත් අභිලාෂයන් පෙරදැරිව අරඹනු ලැබූ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතියයි. මෙම වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ (SEZ) දිගුකාලීන තරඟකාරිත්වය සහ ශ්‍රී ලංකාවේ සේවා ප්‍රමුඛ වර්ධනය සඳහා උත්ප්‍රේරකයක් වීමට එයට ඇති හැකියාව සම්බන්ධයෙන් LKI හි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා ද මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>