TT Ads

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පිළිබඳව මේ දිනවල මුලූ ලෝකයේම අවධානය යොමුව තිබේ. මානව සංහතියේ ඇරඹුමත් සමඟම එවැනි අනේක විධ වසංගත රෝග ලොව පුරා පැතිර තිබූ අතර අප රටට ද එවැනි දෙයින් අඩුවක් තිබූ බවක් නොපෙනෙයි. නමුදු අතීතයේ අප රටේ පැතිර තිබූ එවන් වසංගත රෝග පිළිබඳව වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති. එහෙත්, එවන් ඇතැම් වසංගත රෝග සම්බන්ධ මානව විද්‍යාත්මක ශේෂ මාත‍්‍රයක් අදත් ඉඳහිට හෝ දකින්නට නොමැත්තේ ද නොවේ.

අතීතයේ අප රටේ පැතිර තිබූ කිසියම් වසංගත රෝග තත්වයක් සිහිපත් වන ග‍්‍රාම නාම රැුසක් එකම ප‍්‍රදේශයකින් මතුකර ගත හැකි වීම එවන් විශේෂිත තත්වයකි.

ගම්පහ දිසාවේ මහර, ජාඇල, බියගම, දොම්පේ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ‍්‍රිත වසංගත රෝග හා සබැඳි ග‍්‍රාම නාම රැුසක්ම තිබේ.

මගේ විශ්වාසයේ හැටියට වසංගත රෝගයක් මුල් කොට මෙවන් ග‍්‍රාම නාම රැුසක් බිහි වූ අන් කිසිදු ප‍්‍රදේශයක් අප රටේ නොමැත. එසේ තිබේ නම් ඒවා සම්බන්ධයෙන් අදාල මානව විද්‍යාත්මක සාක්ෂි සහිත ජනතාව දැනුවත් කිරීම එම කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන්නවුන්ගේ යුතුකමක් හා වගකීමකි.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ ජාඇල සහ මහර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළිපාළුව’ යන නම සහිත ගම්වර ගණනාවක් එකි’නෙකට තරමක් සමීපව පිහිටා ඇත. නාරංගොඩපාළුව, සූරියපාළුව සහ කැන්දලියැද්දපාළුව යනුවෙන් හැඳින්වෙන ඒ ගම්මානවලින් කොටසක් උතුර, දකුණ ආදී වශයෙන් කොටස්වලට බෙදීම මත අද වන විට පරිපාලනමය වශයෙන් ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ අටකට වෙන් කොට ඇත. කැන්දලියැද්දපාළුව නැගෙනහිර, බටහිර සහ උතුර යනුවෙන් ග‍්‍රාම නිලධාරී කොටස් තුනකට බෙදී ඇති අතර සූරියපාළුව ද උතුර, දකුණ, නැගෙනහිර වශයෙන් කොටස් තුනකට බෙදී ඇත. ඒවා මහර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වේ. ඒ හැරුණු කොට නාරංගොඩපාළුව බටහිර සහ නැගෙනහිර වශයෙන් ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ දෙකකට බෙදී ඇති අතර ඒවා ජාඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ය. ගම්පහ දිස්ත‍්‍රික්කයේ අධික ජනගහනයක් සහිත කලාප වන මේ ගම්මාන අතුරින් පැරණි සූරියපාළුව අද වන විටිසූරියගම’ නමින් එහි ප‍්‍රදේශවාසීන් විසින් හඳුන්වා ගනු ලබනුයේ ිපාළුව’ යන වදනෙහි ඇති මූසලකම පිටු දැකීමට බව පෙනේ. එහෙත් ඔවුන් විසින් තම ගමේ ඇතිිපාළු කොටස’ එසේ ඉවත් කරගෙන ඇතත් එම ප‍්‍රදේශය පරිපාලනමය වශයෙන් අදටත් හැඳින්වෙනුයේ පැරණි සූරියපාළුව නමින්මය.

කැන්දලියැද්ද, නාරංගොඩ, සූරියගම ආදී වශයෙන් අතීතයේ හඳුන්වනු ලැබූ මෙම ගම්වලට මෙලෙසිපාළු’ යන කොටසක් එක්වීමට හේතුව අතීතයේ කිනම් හෝ යුගයක මෙම ප‍්‍රදේශය පුරා පැතිර ගිය වසංගත රෝගයක් මුල් කොට මෙහි වැසියන්ගෙන් කොටසක් මිය යාම සහ ඉතිරි කොටස ගම් බිම් අතහැර පලා යාම නිසා බව පෙනෙයි. පසුකාලීනව එසේ පාළුවට ගිය ගම් බිම් සෙසු ප‍්‍රදේශවාසීන් විසින් පාළුව ලෙස හැඳින්වීමේ කිසිදු අරුමයක් නැත. මෙසේ පාළුව යනුවෙන් හැඳින් වූ ගම් බිම් අතරේිසියඹලාපාළුව’ නම් ප‍්‍රදේශයක් තිබූ බව ද පැරණි ලේඛන කිහිපයකම සඳහන්ය. එහෙත් වර්තමානයේ එනමින් යුතු ගමක් නැත. එහෙත් ඉහත ප‍්‍රදේශවලට තරමක් නොදුරින් බියගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සියඹලාපේ නම් ගම්වරයක් තිබේ. වර්තමානයේ උතුර, දකුණ සහ සියඹලාපේවත්ත යනුවෙන් ග‍්‍රාම නිලධාරී වසම් තුනකට බෙදී ඇත්තේ මෙම සියඹලාපාළුව නම් පැරණි ගම්වරය බව අපගේ වැටහීමය.

එමෙන්ම වත්මන් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ගම්මාන පුරා අතීතයේ පැතිර ගොස් තිබූ මෙම වසංගත රෝග බිය හාිබියගම’ ග‍්‍රාම නාමය අතර පවතින සබැඳියාවද මෙහි දී අපගේ විමසුමට ලක් විය යුතුය. එම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, නමින් වර්තමානයේ බියගම යනුවෙන් හැඳින්වෙන ගම්මානය අද වන විට උතුර, නැගෙනහිර, බටහිර වශයෙන් ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ තුනකට බෙදී තිබේ. වත්මන් කොළඹ, නුවර ප‍්‍රධාන මාර්ගයේ කඩවත නගර බද ප‍්‍රදේශය ආශ‍්‍රිත ගම්මාන හැඳින්වෙනුයේ ද යම් භීතියක්, බියක් පිළිබඳව ඉඟියක් දනවනිබියන්විල’ යන නමිනි. අද වන විට එම බියන්විල ගම්මානය උතුර, බටහිර සහ නැගෙනහිර වශයෙන් ග‍්‍රාම නිලධාරී කොට්ඨාශ තුනකට බෙදා තිබේ.

මෙම වසංගත රෝග සඳහා ඉවහල් වන බැක්ටීරියා වෛරස් ආදී රෝග කාරකයන් පිළිබඳව නොදැන සිටි අතීත ජනයා මෙවන් රෝගවල පැතිරීම සලකන ලද්දේ යක්ෂ බලපෑමක් ලෙසිනි. අතීත ජන විඥානයේ එන මෙම සිතුවිලි දාමය නූතන මානවයා කෙරෙන් ද ඉවත් ව නොමැති බව වසංගත රෝග හැඳින්වීම පිණිසිඩෙංගු රකුසා’ිකොරෝනා රකුසා’ යන නම් යෙදීමෙන් මනාව පැහැදිලි වෙයි.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ දොම්පේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දොම්පේ ග‍්‍රාම නාමය සමඟ ද මෙවන් යක්ෂ ප‍්‍රවාදයක් එක් ව තිබේ. ඒ අනුරාධපුරයේ රජකම් කළ සිරිසඟබෝ රජු (ක‍්‍රි. ව. 252-254) සම්බන්ධ වෘත්තාන්තයක් මුල්කර ගනිමිනි. සිරිසඟබෝ රජු සමයේ රත් පැහැති ඇස් සහිත රක්තාක්ෂි නම් යක්ෂයකු ගම් දනව් පීරා යමින් මිනිසුන් මරා කන්නට වූ අතර තම ශීල තේජසින් එම යක්ෂයා දමනය කිරීමට රජතුමාට හැකිවිය.

ඉන් මහත් දොම්නසට පත් යක්ෂයා සියනෑ කෝරලයේ පිහිටි සුවිසල් පර්වතයක හිස ගසා ගනිමින් මහ හඬින් වැලපුණු අතර එසේ යක්ෂයා දොම්නසින් වැලපීම මුල්කොට එම ගම්වරය පසුව දොම්පෙ නමින් ප‍්‍රකට වූ බව ජන වහරෙහි එයි.

එමෙන්ම එම යක්ෂයා නඟන මූසල විලාපය අසනු නොහැකිව ඒ අද්දර ගමක වැසියන් ගම හැර ගිය බවත් පසුව පාළුවට ගිය ගම අද දක්වාම පාළුගම නමින් හැඳින්වෙන බවත් කියනු ලැබේ. වත්මන් පාළුගම සහ පාළුගම බටහිර වශයෙන් ග‍්‍රාම නිලධාරී වසම් දෙකකි. එසේම එම යක්ෂයා හිස ගසා ගත් බව පැවසෙන පර්වතය අද හැඳින්වෙනුයේ යක්ඔළුවාගල යනුවෙනි.

සිරිසඟබෝ රජු දවස සිදු වූ බව පැවසෙන මෙම යක්ෂ උවදුර පිළිබඳව මහා වංශයේ ද සඳහන් ය. එහි 36 වන පරිච්ෙඡ්දයේ 82-90 ගාථා පාඨවලින් පැවසෙන කොටසේ සිංහල අරුත මෙලෙසිනි.

”ඒ සමයේ රතු පැහැති ඇස් ඇති යකකු පැමිණ මිනිසුන් බියට පත් කොට මරා කන්නට විය. ඒ යක්ෂයා දකින්නවුන් ගේ ඇස් ද රතුපැහැ ගැන්වෙන අතර ඔවුන් දකින්නවුන් ගේ ඇස් ද රත්පැහැ ගනියි. මෙම යක්ෂ උවදුර දැනගත් රජතුමා අටසිල් සමාදන්ව එම යකු දැක මිස මින් නොනැගිටිමියි යනුවෙන් අදිටන් කොට පොහොය ගෙය තුළ විසීය. එවිට රජුගේ ශීල තේජසින් දමනය වූ යක්ෂයාට රජු ඉදිරියට ඒමට සිදුවිය. පසුව යක්ෂයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසූ රජු වෙතින් යක්ෂයා කළ ඉල්ලීමක් වූයේ එක් දනව්වක මිනිසුන් ගොදුරු පිණිස තමන්ට දෙන ලෙසය. රජු ඊට නොහැකි බව කී විට යක්ෂයා එසේ නම් තමන්ට එක් මිනිසකු හෝ ගොදුරු පිණිස දෙන මෙන් ඉල්ලා සිටියේය. එවිට රජු කියා සිටියේ තමන්ට එසේ අනෙකකු බිලි දිය නොහැකි බැවින් අවශ්‍ය නම් තමන් බිල්ලට ගන්නා ලෙසය. එහෙත් යක්ෂයා ඊට නොකැමැත්ත පළ කළ අතර ගම් වශයෙන් ඔහුට බලි බිලි (පින් පෙත්පි) දීමට රජු පොරොන්දු වීමත් සමඟ එම යක්ෂ උවදුර දුරුවිය.”

වංශ කතාවේ කාව්‍යාත්මකව දැක්වෙන මෙම විස්තරය ඇස් රතු වීම රෝග ලක්ෂණයක් වශයෙන් පැවැති කිසියම් දරුණු උණ රෝගයක් බව නිගමනය කිරීමේ අසීරුවක් පැන නොනගී. මහා වංශයෙන් හෙළිවන සිරිසඟබෝ කතා ප‍්‍රවෘත්තිය එලෙස ගාථා කිහිපයකට සීමා වුවද දඹදෙණි රාජධානි සමයේ (ක‍්‍රි. ව. 1220 – 1283* අවනමදර්ශී නම් හිමි නමක විසින් ලියන ලද බව පැවසෙනිහත්ථවනගල්ල විහාර වංශය’ නම් පාලි කෘතියේ සිරිසඟබෝ රාජ චරිතය බෝධිසත්ව ස්වරූපයෙන් මනා වර්ණයකට ලක් කොට තිබේ. දඹදෙණියේ රජකළ තුන්වන විජයබාහු (ක‍්‍රි.ව. 1220 – 1222* රජතුමාගේ චරිතයට සිරිසඟබෝ පරමාදර්ශය ආරෝපණය කිරීම පිණිස රචනා කෙරුණු බව පැවසෙන මෙම කෘතිය මගින් සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය ලෙස වත්මන් අත්තනගල්ල හඳුන්වා තිබීම ද විශේෂත්වයකි. පසුව ගම්පොළ රජකම් කළ පස්වන බුවනෙකබාහු රජුගේ (ක‍්‍රි.ව. 1375 – 1391* රාජ්‍යෝදයෙන් සත්වන වර්ෂයේ එනම් ක‍්‍රි.ව. 1382 දී ිඑළු අත්තනගලූ’ වංශය නමින් සිංහලයට පෙරළුණු ඉහත සඳහන් පාලි කාව්‍යයේ සන්නය විශිෂ්ට සිංහල සාහිත්‍ය කෘතියක් සේ ද සැලකේ. එහි සයවන පරිච්ෙඡ්දය මෙම රක්තාක්ෂි දමනය වෙනුවෙන් වෙන්කොට ඇතත් ඒ සම්බන්ධ ස්ථාන නාම දක්වා නැත. පසුව එම වංශ කතා මාලාව අනුව යමින් දහනව වන සියවසේ ලියැවී ඇති අත්තනගලූ (විහාර* වංශ නම් කවි පොතේ 318 වන කවියෙන් මෙම නොමිනිස් උවදුර රුහුණු ජනපදය තෙක් පැතිරුණු බව සඳහන් කොට තිබේ. අත්තනගලූ විහාර වාසී ඥානරතන නම් හිමිනමක් විසින් ලියා ඇති එම පද්‍ය සංග‍්‍රහයේ එන රෝහණය අනුරාධපුර යුගයේ මායා රටට අයත් වත්මන් ගම්පහ දිස්ත‍්‍රික්කය නොවන බව පැහැදිලිය. ඒ කෙසේ හෝ එම රතැසි උවදුර රුහුණු රටට ගිය පුවතක් පැවැසීම සඳහා උන්වහන්සේ කුමන මූලාශ‍්‍රයක් යොදා ගන්නා ලද්දේ ද යන්න පවා මෙතෙක් අපැහැදිලි කරුණක් ව තිබේ.

කෙසේ හෝ වසංගත රෝගයක් මුල්කොට ගත් ග‍්‍රාම නාම වැඩිම ගණනක් හිමි කර ගැනීම සම්බන්ධ ගම්පහ දිසාව අත් කරගත් සුවිශේෂ අනන්‍යතාව අප රටේ වෙනත් කිසිදු දිස්ත‍්‍රික්කයකට හිමිව නොමැති බව මෙම සටහන නිමාවේ දී යළි සිහිපත් කළ යුතු යැයි මට සිතෙයි.

තිලක් සේනාසිංහ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>