TT Ads

තුන්පල හෝ හතරපල වහලය ගැසීමේදී මුදුන් යට ලීයේ කෙළවරට තවත් පරාලයක් ගැසීමෙන් සොහොන් පරාලය නිර්මාණය වේ. මෙම දෝෂය හේතුවෙන් නිවැසියන්ට නිරතුරුව දුක් පීඩා කරදර ඇතිවන අතර නිවෙස් පාළුවට යන බවද වාස්තු විද්‍යාවේදී පෙන්වා දේ.

බොහෝ විට අත්දැකීම් සපිරි වඩුබාස්වරුන් වෙතින් මෙවැනි වැරදීම් සිදු නොවන මුත් ශිල්පය හරිහැටි නොදත් ආධුනික බාස්වරුන් වෙතින් මෙවැනි වාස්තු දෝෂ සිදු විය හැකි බැවින් නිවැසියන් දැනුවත්ව සිටීම වැදගත්ය.
අලුතින්ම වහලයක් ගැසීමේදී සොහොන් පරාල දෝෂය ඇති වීමේ අවස්ථාව අඩුය. නමුත් නිවසට අලුතින් කොටසක් එක් කිරීමේදී වඩිම්බු ගැසීමේදී වැනි කටයුතු වලදී යට ලීයේ කෙළවරට කිසිම පරාලයක් එකතු නොකිරීමට වග බලාගත යුතුය

මරු ඇණ
වචනය ඇසූ සැණින්ම කිසියම් උපද්‍රවයක් පිළිබඳව බියක් ඇති කරවයි. අතීතයේදී වඩු කාර්මිකයන් විසින් තමන්ගේ වෛරය පිරිමැසීම සඳහා නියමිත පරිදි කුලිය නොගෙවූ අවස්ථාවලදී මරු ඇණ ගැසීම සිදු කරන බව සඳහන් වේ. මෙම ලිපිය මගින් මරු ඇණ ගසන ස්ථාන පිළිබඳව හැඳින්වීම් නොකරන්නේ එය උචිත නොවන බැවිනි. නමුත් වහලක් ගැසීමේදී එහි මරු ඇණ ගසා ඇත්දැයි සුදුසුකම් ඇති අයෙකු වෙතින් දැනුවත් විය හැක.
වහලකට මරු ඇණ ගැසීම තුළින් නිවසේ ගෘහ මූලිකයාට ප්‍රධාන වශයෙන් අසුබදායක බව සඳහන් වේ. ඊට අමතරව නිතර දුක් කරදර ඇතිවීම හා නිවසේ සාමය බිඳ වැටීම අඬදබර ඇතිවීම මරු ඇණ ගැසීම තුළින් සිදුවන බව වාස්තු විද්‍යාවේදී විස්තර කෙරේ.

මේ නිසා තම නිවසේ වහලය ගැසීමේදී ඒ සඳහා විශ්වාසවන්ත සුදුසුකම් ලත් හා ගුණයහපත් වඩු කාර්මික ශිල්පයෙකුගේ සේවය ලබා ගැනීම ඉතා වැදගත්ය.
නිවසක් ඉදි කිරීමේදී පෙදරේරුවරයකුට වඩා වාස්තු විද්‍යාත්මක වශයෙන් දෝෂ ඇතිවන්නේ වඩු කාර්මික ශිල්පීන් අතිනි. මේ නිසා නිවසක වහලය ගැසීමේදී වාස්තු උපදෙස් ලබා ගැනීම නුවණට හුරුය. එමඟින් පසුවට ඇතිවන ප්‍රශ්න මඟ හරවා ගැනීමට පුළුවන. දෝෂ ඇති වහලය සිවිලින් ගැසීම මගින් සුළු සුළු දෝෂයන් මඟ හැරෙන මුත් බලවත් දෝෂ ඉවත් නොවන බව මතකයේ තබා ගත යුතුය.

නිවසක් ඉදිකිරීමේදී මූලාරම්භයේ සිට පදිංචි වීම දක්වා සුබ නැකත් අනුව කටයුතු කිරීම සුදුසුය. වහලය ගැසීමේදී ප්‍රථම බිත්ති යට ලීය තැබීම නැකතකට අනුවම සිදු කිරීම වඩා සුදුසුවේ. ඒ සඳහා තම ප්‍රදේශයට ආවේණික ක්‍රම, වත් පිළිවෙත් අනුගමනය කළ යුතුය. ඇතැම් විට ඔබ වාස්තු විද්‍යාව විශ්වාස නොකරන කෙනෙකු වුවද මේ අනුව කටයුතු කිරීම අවැඩක් සිදු නොවන බැවින් ඔබට හැකි වත් පිළිවෙත් අනුගමනය කිරීම උචිතය.

වාස්තු විද්‍යා උපදේශිකා
නිසංසලා කොළඹගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>