TT Ads

සෘජුකෝණාශ්‍රාකාර ඉඩමක් සඳහා සුදුසු තනිමහල් නිවසක සැලසුමකි මේ. සාමාන්‍ය පවුලක් සඳහා ගැළපෙන මෙම නිවස සීමිත ඉඩකඩක් තුළ ඉදිකර ගන්නේ නම් වහලය සඳහා කොන්ක්‍රීට් යොදා ගෙමිදුල ලෙස භාවිතයට ගැනීමට පුළුවන.

වාස්තු විද්‍යාත්මක සිද්ධාන්තවලට අනුව සැලසුම් කර ඇති මෙම නිවස පිවිසුම් දොර නැගෙනහිර දිශාවට තැබිය හැකි නිවෙස් සඳහා යොදා ගැනීමට හැකිනම් ඉතා ඵලදායක වනු ඇත. ඊශාන දිශාවෙන් වීදුරුවලින් වෙන් කර ඇති කොටස ආගමික කටයුතු සිදු කරන ස්ථානයක් ලෙස යොදා ගැනීම සුබදායකය.

පිටතින් පඩිපෙළ යොදා ඇති නිසා ඉහළ කොටස වෙනමම ඒකකයක් ලෙසින් හෝ ගෙමිදුල ලෙස භාවිතයට ගැනීමට පුළුවන.

නිදන කාමර තුනකින් සමන්විත මෙම නිවසෙහි ප්‍රධාන නාන කාමරය අසලින් රෙදි සෝදන යන්ත්‍රය සහ නාන කාමරයේ මෙවලම් තැබීම සඳහා වෙනම කොටසක් වෙන්කර ඇත. කෑම කාමරය මුළුතැන්ගෙය වෙන් කෙරෙන බිත්තිය ඉවත් කිරීමෙන් හෝ උසින් අඩු කිරීමෙන් නවීන පන්නයට ගැළපෙන ලෙස පැන්ට්‍රියක්  නිර්මාණය කර ගැනීමට පුළුවන්.
ලක්ෂ 35 -40 අතර මුදලකට මෙම නිවසේ වැඩ නිම කළ හැක.

ගොතටුව
දිනුදා හෝම්ස්හි ගෘහ නිර්මාණ ශිල්පිනී
වාස්තු විද්‍යා උපදේශිකා
නිසංසලා කොළඹගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>