TT Ads
  • යම් කිසි කාන්තාවක් රැකියාවක නියුතු නම් හෝ ඇයට යැපීම සඳහා ආදායම් මාර්ගයක් තිබෙනවා නම් දරුවන් සිටින්නේ ඇය සමග නම් ඒ දරුවන් සඳහා ඇයට සැමියාගෙන් (දරුවන්ගේ පියාගෙන්) නඩත්තු ඉල්ලා සිටිය හැකිද?

ඔව්, අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ ගැන තවදුරටත් විස්තර කළොත් ඒ දරුවන් උපන් දා ඉඳලා මව්පිය දෙදෙනාගේ ආදායමෙන් සැපවත් ජීවිතයක් ගත කළා නම්, පියා පවුලෙන් වෙන් වී යාම මත ඒ දරුවන්ට අවම සැපයක්වත් දෙන්න මවගේ ආදායම ප්‍රමාණවත් නැත්නම්, ඒ කියන්නේ දරුවන්ගේ කෑම බීම, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය, රෝගී වූ විට ප්‍රතිකාර යන මේ අත්‍යවශ්‍ය දේවල්වත් නිසි ලෙස ඉටුකර දෙන්නට මවගේ ආදායම ප්‍රමාණවත් නැත්නම් දරුවන් වෙනුවෙන් අධිකරණය හරහා නඩත්තු ඉල්ලීමට ඇයට හැකියාව තිබෙනවා. ඒ අනුව කරුණු සියල්ල සලකා බලා දරුවන්ට නිසි වයස සපිරෙන තුරු නඩත්තු ගෙවීමට පියාට නියම කළ හැකියි. නමුත් මෙහිදී මව රැකියාවක නිරත වන නිසා ඇයට නඩත්තු ඉල්ලන්න බෑ.

  • නීතියෙන් විවාහ නොවූ කාන්තාවකට දරුවකු / දරුවන් සිටී නම් එම දරුවන්ගේ පියා වෙතින් නඩත්තු ඉල්ලා සිටිය හැකිද?

එම දරුවන් වෙනුවෙන් නඩත්තු ගෙවීමට පියා බැඳී සිටිනවා. නමුත් කාන්තාව සමග වලංගු විවාහයක් නැති නිසා ඇයට නඩත්තු ඉල්ලිය නොහැකියි. මෙහිදී එම පියා ඒ දරුවන් තමන්ගේ බව පිළිගත යුතුයි. නැතහොත් DNA පරීක්‍ෂණයක් මගින් ඔහු ඒ දරුවන්ගේ පියා බව සනාථ වුවහොත් දරුවන්ට නඩත්තු ගෙවන්නට අධිකරණයෙන් නියම කරනවා. මෙලෙස අවිවාහක මවකට වුවත් දරුවන් ලැබුණු විට එම දරුවන්ට සිය පියා වෙතින් නඩත්තු වීමේ අයිතිය නැතිවෙන්නේ නෑ

උපදෙස් – ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>