TT Ads

දකුණු අප‍්‍රිකාව නියෝජනය කරමින් 2019 විශ්ව රූ රැජින තරගයට සහභාගි වූ කඵ ජාතික 26 හැවිරිදි සුරූපිනිය සොසිබිනි ටුන්සි 2019 වසරේ විශ්ව රූ රැජින කිරුළ දිනා ගනු ලැබුවා. කළු ජාතික තරුණියක් විශ්ව රූ රැජින කිරුළ දිනා ගත් පළමු අවස්ථාව මෙය නොවුණත් කළු සම වැඩිපුරම කතාබහට ලක් වූ අවස්ථාව විදියට මේ තරගය සලකන්න පුළුවන්.
සාමාන්‍යයෙන් විශ්ව රූ රැජින, ලෝක රූ රැජින වගේම විවාහක රූ රැජින වගේ සියළුම බියුටි පැජන්ට්වලදි ජයග‍්‍රාහිකාවන් තෝරන්නේ ”ලස්සන” කියන කාරණය මත පදනම් වෙලා විතරක්ම නෙවෙයි. ඒ සඳහා නිර්මාණය කර ගත් සම්මත මිනුම් දඩු කීපයක්ම තියනවා. ඇත්තටම කියනවා නම් ”ලස්සන” කියලා මිනුම් දණ්ඩක් නැහැ. ඒකට හේතුව තමයි ලස්සන කියන කාරණය එක් එක් පුද්ගලයාගේ අදහස් අනුව වෙනස් වෙනවා. එක් අයෙකුට සුදු කෙනෙක් ලස්සන වුණත් තවත් කෙනෙකුට සුදු කෙනෙකුට වඩා තළෙළු කෙනෙක් ලස්සන වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ බියුටි පැජන්ට්වල ජයග‍්‍රාහකයා තේරීමේ දී විශේෂයෙන්ම සළකා බලන කරුණු කීපයක් තියනවා.
විශ්ව රූ රැුජින තරගයට සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 18 ත් 28 ත් අතර, ආබාධිත තත්වයන් රහිත, අවිවාහක තරුණියන් විතරයි. ඒ කරුණු සම්පූර්ණ කරපු ඕනෑම තරුණියකට තරගයට ඇතුළු වෙන්න පුළුවන්. නමුත් එක් එක් තරග වටවලින් ඉදිරියට යන්න නම් තමන් අනිත් තරගකාරියන්ට වඩා විශේෂිත කෙනෙක් කියන කාරණය විනිශ්චය මණ්ඩලයට ඒත්තු ගන්වන්න වෙනවා. විශේෂිත වෙන්න නම් කාරණා කීපයක්ම සපුරන්න ඕනෙ.
පළමු කාරණය තමයි කාන්තාවන් වෙනුවෙන් තමන් දක්වා තිබෙන දායකත්වය. ඒ කියන්නේ තමන්ගේ රටේ, තමන්ගේ ප‍්‍රදේශයේ මොනවා හෝ සමාජ සේවා වැඩවලට සහභාගි වෙලා තියනවාද, කාන්තාවන් වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ වගේ දේවල්. ඒ නිසා මේ වගේ තරගයකට සහභාගි වෙන්න හිතාගෙන ඉන්නවා නම් සමාජ සේවා වැඩවලට නැඹුරු වෙන්න ඕනෙ.
ඊළගට අධ්‍යාපන මට්ටම. උසස් අධ්‍යාපනයක් ලබා තිබෙන, උපාධි හෝ පශ්චාද් උපාධි මට්ටමේ තරගකාරියන් ගැනත් විශේෂත්වයක් මේ තරගවලදි ලැබෙනවා. ඒ වගේම තමන් උපාධි මට්ටමින් හැදෑරූ විෂයන් සහ මේ වෙද්දි නිරත වෙලා ඉන්න රැකියාවත් සළකා බලනවා.
කොච්චර ඉගෙන ගත්තත්, උපාධි තිබුණත් වැඩක් නැහැනෙ බුද්ධිමත් නැත්නම්. ඒ නිසා බුද්ධිමත් බව ගැන මූලික අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන ආකාරයේ ප‍්‍රශ්න කීපයක් විනිසුරුවන් විසින් අසනු ලබනවා. ඒවාට ලබාදෙන පිළිතුරු මත තරගයේ තවදුරටත් ඉන්නවාද ඉවත් වෙනවාද කියන කාරණය තීරණය වෙනවා.
සාමුහිකව වැඩ කිරීමේ හැකියාව තවත් කාරණයක්. මේ ගැන හරියටම බලන්නේ බියුටි පැජන්ට් තරගාවලිය පැවැත්වෙන කාල සීමාව තුළ එකිනෙකාගේ හැසිරීම වෙන වෙනම ඔවුන්ට හොරෙන් අධ්‍යයනය කිරීමෙන් පසුවයි. සාමූහිකව, ඉවසීමෙන්, කණ්ඩායම් හැගීමෙන්, එකට එකතු වෙලා ඉන්න පුළුවන්ද, ඉක්මණින් තරහා යනවාද, අනිත් අයට ඊර්ෂ්‍යා කරනවාද, වලි දාගන්නවාද වගේ දේවල් ගැන විනිශ්චය කරන්න තරග පැවැත්වෙන කාල සීමාව ඉතාම ප‍්‍රමාණවත් කියලා ඒ ගැන හොඳ අත්දැකීම් තියන විනිසුරුවරුන් කියලා තියනවා.
නිර්මාණාත්මක හැකියාව කියන්නේ කාන්තාවන්ට තියෙන්නම ඕනෙ දෙයක්. ඒ කියන්නේ ඇඳුමක් මහන්න, ගෙදරක් ලස්සන කරන්න නෙවෙයි. විනිසුරුවන් අහන ප‍්‍රශ්නයකට නිර්මාණාත්මක පිළිතුරක් ලබා දෙන එකත් මෙතනදි වැදගත් වෙනවා. තරගාවලිය අතරතුර අන්න ඒ විදියේ ප‍්‍රශ්නවලට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නත් සිදු වෙනවා.
ඉක්මණින් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව බොහෝ අයට නැහැ. නමුත් කාන්තාවක් වුණාම ඒ හැකියාව අනිවාර්යයෙන්ම පිහින්න ඕනෙ කියලා තමයි විනිසුරුවන්ගේ අදහස වෙන්නේ. ඒ වගේම තමයි තැනට සුදුසු විදියට තීරණ ගන්න, කතා කරන්න, හැසිරෙන්න තිබෙන හැකියාව. මේ කරුණු සියල්ලම දැන ගන්නේ ප‍්‍රශ්න ඇසීම මගිනුයි.
ඒ වගේම දෙමාපියන්, සහෝදර සහෝදරියන් ගැන දක්වන ආකල්ප, මිතුරන්, අසල්වැසියන් ආදීන් ගැන දක්වන ආකල්ප වගේ දේවල් ගැන තරගකාරියන් එක්ක කතාබහ කිරීමෙන් දැන ගන්න පුළුවන්.
මේ සියල්ලම සම්පූර්ණ වුණාට පස්සේ අවසානයේ සලකා බලන දේ තමයි පෙනුම. මෙතනදි පෙනුම කියලා කියන්නේ හොඳ උසක්, උසට සරිලන මහතක්, හොඳින් පවත්වා ගන්නා ලද හැඩැති සිරුරක්, පැහැපත් සමක් කියන කාරණා කීපයටයි. පැහැපත් කියලා කියන්නේ සුදු පාට කියන එක නම් නෙවෙයි. පැහැපත් කියන එක අර්ථ දක්වලා තියෙන්නේ කුෂ්ඨ, බිබිලි, පැල්ලම් ආදියෙන් තොර සමක් කියන එකයි. කළු පාට ද සුදු පාට ද තළෙළු ද කියන කාරණය මෙතනට අදාල නැහැ.
ඉතින් මේ කරුණු ගැන සළකා බලා විශ්ව රූ රැජින විදියට කිරුළ පැළඳී පළමු කළු සම සහිත තරුණිය සොසිබිනි ටුන්සි නෙවෙයි. 2011 වසරේ විශ්ව රූ රැජින බවට පත් වුණේ ඇන්ගෝලාවේ කළු සම සහිත ලෙයිලා ලෝපේස්. ඇය සුදු ජාතික තරුණියන් 97 දෙනෙකු ඇතුළු සුරූපිණියන් 112 දෙනෙකු පරාජය කරමින් තමයි විශ්ව රූ රැුජින කිරුළ දිනා ගනු ලැබුවේ. ඊට පෙර 1998 වසරේ විශ්ව රූ රැජින බවට පත් වුණේ කැරිබියන් ¥පත්වලට අයත් ටි‍්‍රනිඩෑඞ් සහ ටොබාගෝ රාජ්‍යය නියෝජනය කරමින් සහභාගි වූ වෙන්ඩි ෆිට්ස්විලියම් විසිනුයි. සුරූපිණියන් 109 දෙනෙකු ඇය නිසා පරාජයට පත් වී තිබුණා.
මේ ගැන කල්පනා කරලා බලද්දි දැන් ඉතින් තවදුරටත් කළු කියන්නේ අවලස්සන පාටක් කියලා අපිට කියන්න පුළුවන් ද කියන කාරණය ගැන නැවත වරක් සළකා බලන්න සිදු වන බව නම් ස්ථීරයි.
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>