TT Ads

පරිසරයේ ඇති සමතුලිත බව නිවැරදිව හදාරා එය ප‍්‍රයෝජනයට ගනිමින් පරිසරයට අනුගතව ජීවත් විය යුතුය. පරිසරය සමග ඇති සම්බන්ධතාවය මිනිසා විසින් නොසලකා කටයුතු කරන බොහෝ අවස්ථාවල විඳින්නට සිදුවූ දුක් ෙදාම්නස් පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. වර්තමානයේ අප අත්විඳිමින් සිටින්නේද එවන් දුක්බර තත්ත්වයකි.
වාස්තු විද්‍යාව ද මිනිසා පරිසරයට අනුගත කරවන එක් සිද්ධාන්තයකි. එහි මූලික ඉගැන්වීම් තුළම වාතාශ‍්‍රය සහ හිරු එළිය පිළිබඳව සඳහන් වේ. අප යම් ඉදිකිරීමක් වාස්තු විද්‍යාවට අනුව සිදුකරන්නේ නම් අනිවාර්යෙන්ම වාතාශ‍්‍රය සහ හිරු එළිය නිවසට ප‍්‍රමාණවත්ව ලැබෙන පරිදි සැලසුම් සකස් කළ යුතුය. මේ තුළින් බලාපොරොත්තු වන්නේ නිවෙස තුළ ඇති අහිතකර ශක්තීන්, විෂබීජ හා අපිරිසිදු වාතාශ‍්‍රය නිවසින් පිට කිරීමය. එ් තුළින් නිවැසියන්ගේ යහපැවැත්ම හා සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කෙරේ.
මේ සඳහා නිවස තුළට හොඳින් ඉර එළිය හා වාතාශ‍්‍රය අවශ්‍ය ප‍්‍රමාණයට ලබා ගැනීම සදහා පළමුවෙන්ම නිවැරදි දිශාවන්ට නිවැරදි පිවිසුම් ලබා ගැනීම අවශ්‍යය. එ් සඳහා නිසි ස්ථාන අනුව ෙදාර ජනේල යෙදිය යුතුය. වර්තමානයේ පවතින ඉඩකඩ සීමා සහිත බව නිසා අපට අවශ්‍ය පරිදි ෙදාර ජනේල් ස්ථාන ගත කළ නොහැකි නම් නිවස සැලසුම් කිරීමේදී මැද මිදුලක් එක් කර ගැනීමෙන් නිවස තුළට ප‍්‍රමාණවත් පරිදි හිරු එළිය හා වාතාශ‍්‍රය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
නමුත් වර්තමානයේ සිදුවන්නේ ස්වාභාවිකව ලැබෙන වාතාශ‍්‍රය ප‍්‍රයෝජනයට නොගෙන වායු සමීකරණ, විදුලි පංකා ආදී කෘත‍්‍රිම මෙවලම් භාවිතයෙන් සිසිලස ලබන්නට උත්සාහ දැරීමය. මෙය ශරීර සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයටද අහිතකර බලපෑම් ඇතිකරන දෙයකි.
නිවසකට ලැබෙන වියළි වාතාශ‍්‍රය නිවසේ පිරිසිදු බව හා නැවුම්බව වැඩි කිරීමට හේතුවේ. එ් තුළින් නිවස තුළ ඇති අපවිත‍්‍ර වාතය පිටවී නැවතත් නැවුම් වාතය නිවස තුළට ගමන් කරයි. වාස්තු විද්‍යාවට අනුව යම් නිවසක එවැනි තත්ත්වයක් නොමැති නම් එය දෝෂ සහගත තත්ත්වයකි. එ් තුළින් නිවැසියන් නිතර රෝග පීඩාවලට බඳුන්වන අතර, සිත්පීඩා, අලස ගති සහ මතක ශක්තිය අඩුවීම වැනි අහිතකර තත්ත්වයන්ට පත්විය හැකිය.
වාස්තු විද්‍යාවට අනුව නිසිපරිදි දොර ජනේල් ස්ථානගත කර තිබුණත් එ්වා නිරතුරුව වසා ඝන තිර රෙදි යොදා ආවරණය කර පවතී නම් නිවසට ප‍්‍රමාණවත් වනපරිදි හිරු එළිය සහ වාතාශ‍්‍රය නොලැබේ. එයද අහිතකර තත්ත්වයකි. වාතාශ‍්‍රය සහ හිරු එළිය නොලැබීම සහ නිවසේ පවතින අඳුරු පැහැ ගතිය නිසා තෙතමනය නිවසේ සෑම තැනකම පවතී. මෙය පරිසරයේ විෂබීජ වැඩෙන්නට තෝතැන්නකි. වියළීමට ලක්නොවන කුෂන් කවර, අත්පිස්නා, ඇඳරෙදි, කොට්ට ආදියේ විෂබීජ අතිවිශාල ප‍්‍රමාණයක් ජීවත් වේ. මේ නිසා ස්වසන ආබාධ ආදී රෝග රාශියක් ඇති විය හැක. ඊට අමතරව නිවසේ තෙතමනය පවතින විට අප‍්‍රසන්න දුර්ගන්ධයකින් නිවස පිරී පවතී. ඇතැමෙක් ”පෙරේත ගදක්” නිවස තුළ පවතී යැයි පවසන්නේ මෙයටය.
නිවසේ බඩු බාහිරාදිය පිරී පවතී නම් අස්පස් කිරීම, අතුගෑම, පිස දැමීම අපහසුය. එබඳු ස්ථානවල වියළි බවද අඩුය. එ් නිසා එවැනි තැන්වල අහිතකර ශක්තින් පහසුවෙන් තැන්පත් වේ. මේ නිසා නිවසේ ප‍්‍රමාණයට නොගැලෙපෙන අන්දමට බඩු බාහිරාදිය ගොඩ ගසා ගැනීමද සාමාන්‍ය ජීවිතයට බාධාවකි. නිවස පිරිසිදු කිරීම සඳහා අමතර කාලයක් වැය කිරීමට බොහෝ දෙනෙකුට අපහසු නිසා එවැනි නිවෙස් බොහෝ විට නිවැරදිව පිරිසිදු නොකෙරේ. එය නිවසේ විෂබීජ වර්ධනය වීමට හේතුවකි. මේ නිසා සෑම විටම සරල බව නිවසකට තිබිය යුතුම ගුණයක් බව මතක තබාගත යුතුය.
මනස නිරෝගීව තබා ගැනීම තුළින් ශරීරයේ ප‍්‍රතිශක්තිකරණය වැඩිවන බව වෛද්‍ය මතයයි. මේ නිසා නිවස, මනස නිරෝගීව තබා ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණ කරන තැනක් විය යුතුය. අහිතකර ශක්තීන් පිරුණු නිවස තුළ රැුඳීමට කිසිවෙකුට සිත් නොදේ. නිවස යනු නිවී සැනසී ඉන්නා ස්ථානයයි. එ නිසා එය ඉන්නට ප‍්‍රියතාවයක් ඇති වන පරිද්දෙන් වාස්තු විද්‍යානුකූලව ඉදිකර ගැනීමට කටයුතු කළ යුතුය. එ් තුළින් නිවසේ සිටින අයගේ සිත්සතන් තුළ සතුට පිරී ඉතිරී යන අතර රෝග පීඩාවලින්ද ආරක්‍ෂා වීමට හේතු වේ.

සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>