TT Ads

මේ විසිතුරු ඉයර් රින්ග්ස් යුවළ ඔබටම සාදා ගන්න පුළුවන්. ඇඳුමේ පාට අනුව වෙනස් වෙනස් පැහැයන්ගෙන් පබලු යොදා ඔබට මෙවැනි ඉයර් රින්ග්ස් පහසුවෙන් සාදා ගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • නිල් පාට කට් බිඩ්ස් 12
  • නො. 4 ගෝල්ඞ් බිඩ්ස් 32
  • නො. 6 ගෝල්ඞ් බිඩ්ස් 4
  • ස්ටොකිනට් කම්බි අඟල් 5×2
  • 3×2
  • කරාබු හුක්ස් 2
  • කුඩා අඬුවක්

 

සාදන ක්‍රමය

පළමුව අඟල් 3 කම්බි 2 ට ගෝල්ඞ් බිඩ් 4, කට් බිඩ් 1, නැවත ගෝල්ඞ් බිඩ් 4ක් දමන්න.
අඟල් 5 කම්බියට ගෝල්ඞ් බිඩ් 3, කට් බිඩ් 1 නො. 4 ගෝල්ඞ් බිඩ් 1, කට් බිඩ් 1, නැවත නො. 6 ගෝල්ඞ් බිඩ් 1, කට් බිඩ් 1, නො. 6 ගෝල්ඞ් බිඩ් 1, කට් බිඩ්, නො. 4 ගෝල්ඞ් බිඩ් 1 කට් බිඩ් 1 ගෝල්ඞ් බිඩ් නො. 4න් 3ක් දමා ගන්න.

අඟල් 5 සහ අඟල් 3 කම්බිය බැගින් රූපයේ පරිදි තබා අඟල් 5 කම්බියෙන් එක් පැත්තක් එක් දිගට ගෙන කුඩා රවුමක් සාදා ඉතිරි කොටසින් යට කම්බි 4ම එකට මැදි කර වටේට ඔතන්න. අඬුවේ තුඩ කොටසින් කම්බිය තද කර ගන්න. කරබු එල්ලෙන කොටස ගෙන එහි යට ඇති මුදුව මදක් විවර කර කලින් සාදා ගත් කරාබු කොටසේ රවුමට අඬුවෙන් තිබූ ලෙසටම සකසා ගන්න. දැන් අනෙක් කරාබුවත් මෙලෙසම සාදා ගන්න.

 

කඩවත , වජිරා ලොකුගේ බියුටි ඇකඩමි හි ප්‍රවීණ රූපලාවන්‍ය හා අත්කම් උපදේශිකා

වජිරා ලොකුගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>