TT Ads

අපට නම් ලෙඩක් වෙන්න ඕනෙමයි බෙහෙත් ටිකක් ගන්න. නිකමටවත් අතේ මුදලක් යහමින් ඇති වෙලාවට ඇඟේ මොන ලෙඩේද තියෙන්නේ කියලා බලාගන්න හිතක් අපට ඇත්තේම නැහැ. මේ නිසා සමහර වෙලාවට නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න වෙන අවස්ථා නැතුවාම නෙමෙයි. එන්ජිමක් වුණත් ලෙඩ නැතුව දුවන්නේ යම් කාලයක් පමණි. ඒ නිසාමයි එන්ජිම සර්විස් කරන්නේ. මෙහෙම හිතන අපි පුළුවන් සෑම වෙලාවකම නිරෝගී ජීවිතය උතුම් ලෙස සලකමින් තමාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම සඳහා ශරීර පරීක්ෂා කරමින් අඩුපාඩු සකසා ගැනීම හරිම වැදගත්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටවල අද ඇති වී තිබෙන බෝ නොවන රෝග ව්‍යාප්තිය බොහෝ මරණවලට හේතු වී තිබෙන බව වෛද්‍ය අංශ පෙන්වා දෙනවා. එම නිසා කෙනෙකුගේ ජීවිතයේ වෛද්‍ය පරීක්ෂණයක අවශ්‍යතාව පිළිබඳව අපි කතා කරන්න සිතුවා.

 

වෛද්‍ය පරීක්ෂාවක් අපි කළ යුත්තේ ඇයි?

ලෝකය දිහා විමර්ශනාත්මකව බැලුවහොත් අද ජීවත් වන මිනිසුන්ට ඇති වී තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි එක් එක් කාලවලට එක් එක් රෝගවලට නිරාවරණය වීම. මෙවැනි රෝග මිනිසාට හඳුනාගත හැකි වන්නේ පසුවයි. ශ්‍රී ලංකාවේ අද වන විට බෝ නොවන රෝගවල ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිදුවන මරණ අතරින් 70%ක්ම බෝ නොවන රෝග නිසා සිදුවන බව සොයාගෙන තිබෙනවා. විශේෂයෙන් දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා මේ අතර ප්‍රධානයි. මෙම බෝ නොවන රෝගවලින් තිබෙන ලොකුම ගැටලුව වන්නේ අපත් නොදැනීම අපේ ජීවිත මේවා විසින් රහසේ ගිල ගැනීමයි. මෙවැනි රෝග කල්ගත වී හඳුනා ගැනීමෙන් ඇතිවන ව්‍යාකූලත්වය සිදු වී අවසන්. අතුරු ආබාධ ද ඇති වී අවසන්.
මේ නිසා අලුත් වෙමින් ඉදිරියට යන ලෝකය “Prevention is better than cure” යන සංකල්පය පෙරදැරි කරගෙන කලින්ම රෝගය වළක්වා ගැනීම සඳහා පියවර ගනිමින් සිටිනවා. එවැනි තත්ත්වයන් සඳහා පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු වී තමාගේ රෝග තත්ත්වයන් පිළිබඳ කලින් හඳුනා ගැනීම ජනප්‍රිය වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් මෙන්ම සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් ඉතාම ක්‍රියාශීලීව වැඩ කරනවා. උදාහරණයක් විදිහට හේමාස් රෝහල් ජාලයේ අරමුණ වී ඇත්තේ අපගේ වැඩ පරිසරය තුළ සෞඛ්‍ය සම්පන්න වැඩ කරන ජනතාවක් බිහි කිරීමයි.

වෛද්‍ය පරීක්ෂණයක් කළ යුතු නිශ්චිත වයසක් තිබෙනවාද?

ඕනෑම වයස් කාණ්ඩයකට අයත් ඕනෑම පුද්ගලයකුට වෛද්‍ය පරීක්ෂාවක් සඳහා යොමු විය හැකියි. එහිදී කරනු ලබන මූලික පරීක්ෂාවන් කිහිපයකින් තම තමන්ගේ රෝග තත්ත්වයන් හඳුනා ගත හැකියි.

කොපමණ කාලයකට සැරයක් වෛද්‍ය පරීක්ෂාවක් කළ යුතුද?

සෑම පුද්ගලයකුම අවුරුද්දකට වරක් හෝ වෛද්‍ය පරීක්ෂාවකට යොමු වීම වැදගත්. නමුත් රෝග තත්ත්වයන් අනුව සහ වෛද්‍ය නිර්දේශය අනුව මෙය වෙනස් වේ.

කරගත යුතු වෛද්‍ය පරීක්ෂාවන් ගැන කලින් දැනුවත් විය යුතුද?

නැහැ. රෝහලේ සුවතා පියසට යොමුවීමෙන් තමාට අදාළ වෛද්‍ය පරීක්ෂාවන් පිළිබඳව වෛද්‍යවරයා සමග සාකච්ඡා කළ හැකියි. ඊට අමතරව යම් රෝගයකින් පෙළෙන අයෙකුට ඊට අදාළ පරීක්ෂාවන්ද වෛද්‍ය උපදෙස් මත කර ගත හැකියි.ලංකාවේ ජනගහනයෙන් 1/9 කට දියවැඩියාව තිබෙනවා. දියවැඩියා රෝගියකු ජීවිතයේ බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. මේ නිසා දියැඩියාව පිළිබඳ ඉතිහාසයේ තිබෙන පවුල්වල සාමාජිකයන් නිරාහාර රුධිර පරීක්ෂාවක් කර ගැනීමෙන් රුධිරගත ග්ලූකොස් මට්ටම සොයා ගන්න පුළුවන්. මෙවැනි පරීක්ෂණ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂාවන්ට ඇතුළත් වෙනවා. නමුත් ජනතාව හිතන්නේ අපි හොඳින් සිටින නිසා මෙවැනි පරීක්ෂාවන් කරගැනීම අනවශ්‍ය බවයි. බොහෝ රෝගවලදී රෝග තත්ත්වයන් මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමට නොහැකි නිසා වෛද්‍ය පරීක්ෂාවක් කර ගැනීම මගින් ඇතිවිය හැකි රෝග හඳුනා ගන්න පුළුවන්.

ස්ත්‍රී/පුරුෂභාවය අනුව වෛද්‍ය පරීක්ෂණ වෙනස් වෙනවාද?

සමහර අවස්ථාවලදී කාන්තාවන්ට විශේෂිත පරීක්ෂණ ඇය වෛද්‍ය පරීක්ෂණයට යොමුවීමේදී කර ගත හැකියි. විශේෂයෙන් පියයුරු පිළිකාව, ගැබ්ගෙල පිළිකාව සහ ගර්භාෂගත රෝග හඳුනා ගැනීම සඳහා කරනු ලබන ස්කෑන් පරීක්ෂණ මෙහිදී විශේෂයි. අපගේ රෝහල් සමූහයේ වෛද්‍ය පරීක්ෂාවන් සියල්ල නවීන තාක්ෂණය අනුව සුවතා පියස යටතේ සිදු කරනු ලබනවා.

වෛද්‍ය පරීක්ෂණයකදී කර ගත හැකි පරීක්ෂාවන් මොනවාද?

■ රුධිර පරීක්ෂාවන්
■ මුත්‍රා පරීක්ෂාවන්
■ රුධිර පීඩන පරීක්ෂාවන්
■ ස්කෑන් පරීක්ෂාවන්
■ අක්ෂි පරීක්ෂාවන්
■ හෘද රෝග පරීක්ෂාවන්
■ හෝමෝන පරීක්ෂාවන්
■ එක්ස් රේ පරීක්ෂණ
■ BMI අගය ගණනයට අමතව රෝගියාගේ අවශ්‍යතාව මත පරීක්ෂාවන් කර ගත හැකියි.

 

වෛද්‍ය ලසන්ත කරුණාසේකර
අධ්‍යක්ෂ, සාමාන්‍යාධිකාරී හේමාස් රෝහල,
වත්තල

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>