TT Ads

 

එලයිට් සිකියුරිටීස් ලංකා හි ප්‍රධානියා ලෙස කටයුතු කරන මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන රිචඞ් ඩී සොයිසා මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රජාව පිළිබඳ මනා දැක්මක් ඇති වෘත්තිකයින්, ආගමික නායකයන් හා අධ්‍යාපනඥයන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඉවහල් වන ජාතික මුලපිරීම් තුනක් සම්පාදනය කර තිබේ. මෙය කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් හා මාධ්‍ය වෙත පිරිනැමීම පසුගිය දා සිදුකෙරිණි. රටේ සහ ජනතාවගේ අනාගත සෞභාග්‍යය වෙනුවෙන් සම්පාදනය කර ඇති මෙම මුලපිරීම් තුන ඉංග්‍රීසි, ආචාරධර්ම හා වෘත්තීය පුහුණුව යනුවෙන් නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ සෑම සිසුවෙකුටම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබිය යුතු බව තදින්ම ඒත්තු ගැන්වූ ඩී සොයිසා මහතා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහාය ඇතිව 2000 වසරේදී ජාතික ඉංග්‍රීසි පදනම (NEF) දියත් කළේය. ඔහු මෙහිදී විශ්වාස කරනුයේ නව ජනාධිපතිවරයෙකු යටතේ මේ සඳහා දෙවන අවස්ථාවක් තමන්ට ලැබී ඇති බවය.
ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු සැබෑ දේශප්‍රේමියෙකු වූ රාජ නීතිඥ ෆ්‍රැන්සිස් ඩී සොයිසාගේ මුණුපුරෙකු වන ද සොයිසා මහතා, අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ රිචඞ් මනික් ඩී සොයිසාගේ ඥාති සොහොයුරා වේ. ඔහු මේ වන විටත් මෙම මුලපිරීම් හි ඇති වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කර ඇත.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>