TT Ads

කපුරැල්ල උණුදිය උල්පත


මහඔය සිට අම්පාර දෙසට යනවිට හමුවන 69 හන්දියෙන් මඩකළපුව දෙසට යන කැලෑ මාර්ගයේ සැතපුම් 8 පමණ ගිය විට ටැම්පිටිය ග්‍රාමය හමුවේ. එතැනින් දකුණට හැරී සැතපුම් 3 පමණ වනය තුළට ගිය විට මෙම උණුදිය උල්පත හමුවේ. මෙය උණුසුම අධිකම උණුදිය උල්පත්වලින් එකකි.

 

මහඔය උණුදිය උල්පත


මහියංගනය අම්පාර මාර්ගයේ හමුවන මහඔය නගරයේ සිට බුබුල පාරේ සැතපුම් 3 පමණ දුරින් සියඹලාගස් කණ්ඩිය ප්‍රදේශයේ මෙම උණුදිය උල්පත පිහිටයි. සංවර්ධනය කළ උණුදිය ළිං හතක් මෙහි දැකිය හැකිය. මෙයට අපේ රටේ උණුසුම අධික උණුදිය උල්පත්වලින් එකකි. නවාතැන් පහසුකම් සඳහා කුඩා ගෘහයක්ද මෙහි ඉදිකර ඇත.

 

කින්නියා උණුදිය උල්පත

ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුර දක්වා දිවෙන මාර්ගයේ ත්‍රිකුණාමලයේ සිට කි.මී.8ක් පමණ දුරින් මෙම උණුදිය උල්පත පිහිටා තිබේ. මහ ඔය මෙන්ම මෙහිද සංවර්ධනය කළ උණුවතුර ළිං හතක් තිබීම විශේෂත්වයකි. මෙහි එක් ළිඳක ජලය සාමාන්‍ය ජලය මෙන් සිසිල්ය. ඉතිරි ළිං හයේ ජලය සෙල්සියස් අංශක 38 – 42 දක්වා වේ.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>