TT Ads

පහුගිය දවස්වල ඉන්දීය සංචාරයක නිතර වුණු ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉන්දියානුවන් අමතා සිදුකළ කතාවේදී හිටපු ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ව සහ විරාත් කෝලිව විශේෂයෙන් මතක් කරන්නත් අමතක කළේ නැහැ. ඒ වෙලාවේ ට‍්‍රම්ප් විසින් සචින්ගේ නම උච්ඡුාරණය කරපු ආකාරය නිසා මේ දවස්වල සචින් වෙනුවෙන් අලූතින් හෑෂ් ටැග් එකක් පවා නිර්මාණය වෙලා තියනවා. මේ ගැන ”ක‍්‍රිකට් ෆෙලෝස්” වෙබ් අඩෙවිය සචින් එක්ක කරපු කතාබහකින් කොටසක් තමයි මේ.

ඔබේ උපත් නමට වඩා දැන් ඔබ ප‍්‍රසිද්ධ වෙලා ඉන්නේ අලූත් හෑෂ් ටැග් එකෙන් නේද?
කොහොමත් දවස් කීපයක් යනකන් මට අලූත් නමින් තමයි පෙනී ඉන්න සිද්ධ වෙන්නේ. දැන් යාළුවෝ කෝල් කරන්නෙත් ඒ නමින්.
ඔබට අලූත් නම දැම්මේ ඇමෙරිකාවේ පළමු පුරවැසියා නිසා ඔබ ආඩම්බර වෙන්න ඕනෙ නේද?
කොහොමත් ඇමෙරිකානු ඉංග‍්‍රීසි උච්ඡුාරණයට අනුව ආසියාතික නම් හරියට කියවෙන්නේ නැහැ. නමට එන අකුරු ටික කියවලා ඒකට ළ`ගින් යන ඉංග‍්‍රීසි වචනයක් එක්ක පටලවාගෙන තමයි උච්ඡුාරණය කරන්නේ. මට මීට කලිනුත් එක එක විදියේ නම් හැදුණු අවස්ථා තියනවා. හැබැයි ඒවා මේ තරම් ප‍්‍රසිද්ධ වුණේ නැහැ.
දැන් කියන්නකො ඔබට ඇමෙරිකානු ජනපතිවරයා දාපු නම මොකක්ද?
ඔහු ඔහුගේ කතාවෙදි මාව ආමන්ත‍්‍රණය කළේ ”සූචිං ටෙන්ඩෝල් කා” කියලා. හැබැයි ඔහු විරාත් කෝලිගෙ නම නම් හරියටම කිව්වා.
සචින්ට වඩා සූචිං කියන එකේ පොඩි ළයාන්විත ගතියක් තියනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
ඔයා දැන් මේ කරන්න හදන්නේ අවුරුදු 46 ක් පාවිච්චි කරපු මගේ නියම නම වෙනුවට වෙන නමක් ප‍්‍රසිද්ධියට පත් කරන්නද?
මේ වෙද්දි ඔබ ක‍්‍රිකට්වලින් ඉවත් වෙලා ඉන්නේ?
ඉන්දීය ජාතික පිලෙන් ඉවත් වෙනවා කියන්නේ ක‍්‍රිකට්වලින් ඉවත් වෙනවා කියන එක නෙවෙයි. මම සමහර ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙනවා. හැබැයි ක‍්‍රීඩා කරන්න නෙවෙයි. පුහුණුකරුවෙකු විදියට.
එතකොට උවුම් පිහුම් කරන්න පටන් අරගත්තේ?
ඔය කියන්නේ මගේ රෙස්ටෝරන්ට් ගැන වෙන්න ඇති. මම තෙන්ඩුල්කාර්ස් කියන නමිනුත් සචින්ස් කියන නමිනුත් මුම්බායිවල රෙස්ටෝරන්ට් දෙකක් විවෘත කරලා තියනවා. ඒවා මම යාළුවෙක් එක්ක හවුලේ කරන ව්‍යාපාර.
ගෙදරින් කාලා එපා වුණු දවසට ඔබ ඔබේ රෙස්ටෝරන්ට් එකට යනවා කියලා ආරංචියි.?
ඔව්. හැබැයි මම තනියම නෙවෙයි අපේ පවුලේ හැමෝම යනවා. කොහොමත් මාසෙකට සැරයක් දෙකක් අපි එහෙ යනවා කෑමට.
ඔබේ බිරිඳ ඔබ ගැන තැබූ විශ්වාසය ඔබ කී පාරක් පළුදු කරලා තියනවාද?
ඒක හරියටම මතක නෑ. හැබැයි එහෙම වෙලා තිබුණත් ඒ කිසියම් හේතුවක් නිසා මිස මගේ වරදක් නිසාම නෙවෙයි.
ඔබ පිරිසක් ඉදිරියේ ඇයව කී වතාවක් අපහසුතාවයට පත් කරලා තියනවා ද?
එක පාරයි. හැබැයි ඒකත් වෙන කරන්නම දෙයක් නැති නිසා. ඒ ගැන මම තාමත් ඇයගෙන් සමාව ඉල්ලනවා.
මොකක්ද ඒ අවස්ථාව?
2011 අවුරුද්දේ මුල කාලෙ මම පුහුණුවීම් සහ තරග නිසා ඉන්දියාවේ හිටියේ නැති තරම්. කොහොම හරි මාස දෙකකින් ගෙදර ගිහින් තිබුණේ නැහැ. නමුත් අපේ‍්‍රල් මාසයේ 24 වෙනිදාට යෙදුණු මගේ 38 වෙනි උපන් දිනයට මම කොහොමහරි ගෙදර ඇවිත් යන්න එනවා කියලා අන්ජලීට කියලා තිබුණා. ඉතින් ඇය මටත් කියන්නේ නැතිව ලොකු උපන් දින සාදයක් සූදානම් කරලා. මාව පුදුමයට පත් කරන්න ඕනෙ නිසා මට ඒ ගැන මුලින් කිව්වේ නැහැ. නමුත් හරියටම එදා තමයි සත්‍ය ශ‍්‍රී සායි බාබාතුමාගේ මරණය සිදුවුණේ. මම දැඩි සායි භක්තිකයෙක්. ඉතින් ගෙදර යන්න තිබුණු කාලය මම සායි බාබාතුමාගේ අවමංගල්‍යය වෙනුවෙන් කැප කළා. මම ඇයට කෝල් කරලා එතුමාගේ මරණය ගැනත් ගෙදර එන්නේ නැහැ කියලත් ඇයට කිව්වේ ? අටට විතර. ඒ වෙද්දි අපේ ගෙදර මගේ උපන් දින සාදයට සහභාගි වෙන්න ඇවිදින් හිටපු 100 කට වැඩි පිරිසකට මාව හමු නොවීම ආපහු ගෙවල්වලට යන්න සිදු වුණා. ඒ නිසා තමයි අංජලීට අපහසුතාවයට පත් වෙන්න සිදු වුණේ.
ඒක ඇයට ලොකු ප‍්‍රශ්නයක් වෙන්න ඇති?
ප‍්‍රශ්නයක් වුණා තමයි. ඇවිල්ලා හිටපු අමුත්තන් සියලූ දෙනාම ඇති වී තිබෙන තත්වය තේරුම් ගත්තා. හැබැයි අවුරුදු 8 කට පස්සෙත් මම තාමත් ඒ තත්වය ගැන අංජලීට තේරුම් කරනවා. ඒ වගේම තාමත් සමාව ගන්නවා.
ඇය නිතරම කියනවා නේද ඔබ තාම පුංචි ළමයෙක් කියලා?
එහෙම කියන්නේ ඇය නෙවෙයි මගේ දෙමාපියන්. පුංචි කාලෙ මම හැම තිස්සේම අසනීප වෙනවා. විනාඩි 5 ක් වැඩිපුර නෑවත් විනාඩි 5 ක් අඩුවෙන් නෑවත් ලෙඩ. ඉතින් මට ඉස්සර ඉඳලා නෑදෑයෝ විහිළු කළා මට හරියන්නේ දොස්තර නෝනා කෙනෙක් කියලා. ඒ වගේම මම විවාහ වුණේ වෛද්‍යවරියක් එක්ක. අංජලී ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්.
ක‍්‍රිකට් සහ වෛද්‍ය වෘත්තීන් එකිනෙක පෑහෙන්නේ කොහොමද?
මගේ මූණ දිහා හොඳට බලන කෙනෙකුට ඒ පෑහීම ගැන හිතා ගන්න පුළුවන්. මගේ වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ සියළුම කඩාවැටීම්වලදී මාව කෙලින් කළේ ඇය. ඇත්තටම ඇය කාන්තාවක් නෙවෙයි ආශ්චයර්යක් කියලයි මම හැම තිස්සේම කියන්නේ.
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>