TT Ads

හෝමෝන ක්‍රියාකාරීත්වය, අධික වෙහෙස, ව්‍යායාම් නොමැතිවීම, වැරදි ආලේපන භාවිතය, දීර්ඝකාලීනව ඖෂධ භාවිතය, නින්ද අඩුකම, පෝෂ්‍යදායී ආහාරවේල් නොගැනීම, තෙල් සහ පිෂ්ඨය අධික ආහාරවල අධි භාවිතය. රසකාරක අඩංගු ක්‍ෂණික ආහාර හා බීම වර්ග ආදී හේතු ගණනාවක් සමෙහි වෙනස්කම් ඇති කිරීමට සෘජු ලෙස බලපායි. එසේ විවිධ හේතු නිසා.සමේ  පැහැය සහ ස්වභාවය වෙනස් වූ විට එකී සෑම අවස්ථාවකදීම ක්‍රීම් එකකින් ප්‍රතිඵල ලැබෙතැයි බලාපොරොත්තු තබා ගත නොහැකිය. විශේෂයෙන් තමන්ගේ සම සාමාන්‍ය සමක්ද, වියළි සමක්ද, තෙල් සහිත සමක්ද යන්නවත් නොදැන කවුරුන් හෝ කියන පලියට ක්‍රීම්වර්ග ගැනීමට යොමු වන්නේ වර්තමාන වන විට සුදු වීමේ උන්මාදය ඔඩුදුවා ඇති නිසාය. ඇතැම් විට එකී ආලේපනවල අඩංගු විෂ සහිත රසායන ද්‍රව්‍යවලින් සමේ ලප මතුවීම, තැනින් තැන සුදු වීම, සම තුනී වීම, කුරුලෑ වැනි ආසාදන තත්ත්වයන්ද මතුවෙයි. ඒ නිසාම ස්වාභාවික ක්‍රම තුළින් සමට සත්කාර කිරීම වඩාත් නුවණට හුරුය. ඒ නිසාම අද අප ඔබට කියා දෙන්නේ සමට පෝෂණීය සත්කාරයක් ගෙදරදීම කරගන්නේ කෙසේද යන්නය.

* සම පැහැපත් කර දීප්තිමත් කරන ෆේස්පැක් එකක්

කඩල, මුං ඇට, පරිප්පු, එළඟි තෙල් සමග එක් කර රන්වන් පැහැවනතෙක් කබලේ බදින්න. ඉන්පසු බැදගත් ධාන්‍ය ටික සියුම්ව ග්‍රයින්ඞ් කර යෝගට තේ හැඳි 01 ක් හා කිරිපිටි කෝප්ප 1/2ක් පමණ දමා කලවම් කර මුහුණේ ආලේප කර විනාඩි 20කට පසු සෝදා හරින්න.

* ඔබ වියළි සමක් හිමි කෙනෙක් නම්,
මී පැණි, ලෙමන් යුෂ, අල යුෂ, යෝගට් හෝ මී කිරි සමග කලවම් කර මුහුණේ ආලේප කර විනාඩි 20කට පසු සෝදා හරින්න.

* බෙල්ල පිටුපස, කිහිලි ආසන්නයේ, වැලමිට, දණහිස් අඳුරු පැහැ වීමට පිළියම්
සුදු හඳුන් කුඩුවලට මී පැණි දමා බෙල්ලේ ආලේප කර පැය භාගයක් පමණ ගත වී සවි වීමෙන් පසු නැවත තෙත් කර රවුමට අත යවමින් පිරිමදිමින් ඉවත් කරන්න.

* දෑතේ සම එකම පැහැයක්තබා ගැනීමට පැක් එකක්
රත් හඳුන් කුඩු, වැල්මදටිය කුඩු, ඉරමුසු කුඩු, වැල් මී කුඩු, නාමල් රේණු, හාල්පිටි සමග යෝගට් හා කිරිවලින් ආලේපයක් සාදා අත්වල තවරා, විනාඩි 20කින් සෝදාහරින්න.

* සුසිනිඳු පැහැපත් සමක් සඳහා සිරුරටම සුදුසු පැක එකක්
රතු සහල් පිටි මේස හැඳි 01ක්, දෙහි බිංදු කිහිපයක්, කොකුම් කුඩු හා ගස්ලබු මිශ්‍රකර සමේ ආලේපකර විනාඩි 20ක් පමණ හොඳින් පිරිමැද ඉවත් කරන්න.

* දුර්වර්ණ වූ සහ වියළි වූ දෙපාවලට
කඩල පිටි, කස්තුරි, කහ මිශ්‍ර කර, සුදු හඳුන් හා අල යුෂ එක්කර සාදාගත් පැක් එක ආලේපයෙන් විනාඩි 20කට පසු සෝදා හරින්න.
ඉහත සඳහන් සියලුම ආලේපනයන් ආලේපයට පෙර සම හොඳින් පිරිසිදුකාරකයකින් සෝදා භාවිත කිරීම වඩාත් වැදගත්ය.

 

උපදෙස්
වීනස් බියුටි නේචර් ප්‍රයිවෙට් ලිමිටඞ් හි
 ප්‍රවීණ රූපලාවන්‍යවේදිනී
හසිනි සිල්වා (IPHM – UK / IACAM)
සටහන – විශ්මි ජයනිකා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>