TT Ads

රසකාරක ලොවේ  රැජින  ලෙස හඳුන්වන්නේ ‘‘ස්වභාවික වැනිලා’’  වේ. අතුරු පසට ගන්නා ආහාරයන්, රසවත් කරන්න වැනිලා භාවිතා කරන බව අපි දනිමු. තවද, තේ කොළ වලට වැනිලා යොදා, තේ සහ වෙනත් පාන වර්ග රසවත් කර ගනිමු. නමුත්, බොහෝ විට අපි වැනිලා රස වශයෙන් බුක්ති විදින්නේ කෘත‍්‍රිම වැනිලා වීම කණගාටුවට කරුණකි. කෘත‍්‍රිම වැනිලා ඇතැම් වෛද්‍යවරුන්ගෙ මතය අනුව පිළිකා කාරකයක් විය හැකි ය. තත්වය කෙසේ වෙතත් ස්වභාවික වැනිලා මිලෙන් ඉතා ඉහළ ය. පදම් කර සැකසූ වැනිලා කරල් කි.ග‍්‍රෑ. එකක් රු. 45,000.00 – 65,000.00 පමණ මිලකට අලෙවි කළ හැක. අද අමු වැනිලා කරල් කි.ග‍්‍රෑ. එකක් රු. 6000.00 – 8000.00 වැනි ඉහළ මිලකට අලෙවි වේ. මෙපමණ මිලකට ස්වභාවික වැනිලා මිල දී ගන්නේ එහි ඇති ගුණාත්මක බව දන්නා නිසාම ය. වැඩි ඉඩ-කඩක් නැති, 70%-75% ක සෙවන සහිත ගෙවත්තක වැනිලා වැලක් හෝ කීපයක් ඔබට පහසුවෙන් ම වගා කර ගන්න පුළුවන්. මෙම වැල උඩවැඩියා පවුලට  අයිති නිසා, ගෘහණියක් වන ඔබට මල් වැලක් විධිහටත් මිදුලේ අලංකාරයට වවන්නත් පුළුවන්.

දේශගුණය

21 0ක්‍ – 32 0ක්‍ අතර උෂ්ණත්ව ය ඇති ප‍්‍රදේශ වල හොඳින් වගා කළ හැක. සෙ.මී. 2000-2500 අතර මාස 10 ක් පුරා පැතුරුණ වාර්ෂික වර්ෂා පතනයක් ද සහ වැලේ මල් පිපීම උත්තේජනය වීමට මාස 2 ක වියළි කාලයක් අවශ්‍ය ය. මුහුදු මට්ටමේ සිට මී. 1000 දක්වා වැනිලා සාර්ථකව වගා කළ හැක.

ආධාරක සිටුවීම සහ දඬු සිටුවීම

වැනිලා වැලක් හෝ කීපයක් වවාගන්න උනන්දුවක් දක්වන ඔබට ඒ සඳහා සුදුසු ම ආධාරකය ග්ලිරිසිඩියා වේ. ආධාරක ඉන්න පොළොව මට්ටමෙන් උඩට, මී. 2 ක් පමණ උසට තිබිය යුතු ය. ආධාරක ඉනි පේළි දෙකක් අතර පරතරය මී. 3 ක් ද, පේළිය තුළ පැළ අතර පරතරය මී. 1,1/2 ක් ද ගැනීම සුදුසු ය. ආධාරක සිටුවා මාස 6 කට පසු, කාබනික පොහොර සහ මතුපිට පස් සමාන ලෙස යොදා පස බුරුල් කර, වේදිකාවක් සකසා ගන්න. එම වේදිකාවේ ඇලියක් ද සකසා ගන්න.

මී. එකක් දිග වැනිලා දණ්ඩක් ගෙන ආධාරකයට තබා කෙසෙල් පට්ටා හෝ දිරා යන ලණුවකින් බැඳ ගන්න. ඇලිය දිගේ (කුඩා කාණුවේ* සිටුවන ලද වැනිලා දණ්ඬේ පහත කෙළවර සැකසූ වේදිකාවෙන් එළියට සෙ.මී. 4 ක් පමණ එළියට විවෘතව තිබිය යුතු ය.

වැනිලා දණ්ඩ සිටුවා ගැනීමෙන් පසු, දැන් වේදිකාව කාබනික පොහොර වලින් වසුන් කරන්න.

නඩත්තු කටයුතු

කාබනික පොහොර යෙදීම වඩාත් සුදුසු ය. නයිට‍්‍රජන් වැඩි පුර තිබෙන, ග්ලිරිසිඩියා, එරබදු, නත්තසූරිය, ඉපිල්-ඉපිල්, කොළ පෙහොර යෙදීම හොඳ යි. වියළි කොළ-රොඩු වසුනක් වශයෙන් යෙදිය හැකවැනිලා වගාව පිළිබඳ ඔබට වැඩි විස්තර අවශ්‍යය නම්, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, මාතලේ, පුහුණු කිරීමේ මධ්‍යස්ථානය හි 066 2243051 හෝ පේරාදෙණියෙ හි පිහිටි ප්‍රධාන කාර්යාලයේ 081 2388651 දුරකතන අංකයන්ගෙන් විමසීමට පුළුවන

 

සරාසඳ ජයකොඩි

ජ්‍යෙෂ්ඨ පුහුණු කිරීමේ නිලධාරි,
අපනයන කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය,
මාතලේ.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>