TT Ads

මෙම පතරොම් size 34 ප්‍රමාණයට සකසා ගැනීම සඳහා තව 30%ක් ලොකු කර ෆොටෝ කොපි ගසා ගන්න. ඉන්පසු මෙම පතරොම් කොටස් කාඞ්බෝඞ් වල සකසා ගන්න. ඉංග්‍රීසි අක්ෂර යොදා ගැනීමෙන් පහසුවක් වේවි.
(1). කොටස් 4 කපා ගන්න
(2). කොටස් 2 කපා ගන්න
(3). නැම්මට තබා කොටස් 2 කපා ගන්න
(4). කොටස් 2යි කපා ගන්න

අවශ්‍ය ද්‍රව්‍ය
රෙදි (ඔබ කැමති වර්ගයක් හා පාටක්)
පටි යාර 1 – පයිපින් පැකට් 1
ගාංචු (පිටට) ජෝඩුවක්
බකල් සෙට් 1 (කෑලි 4)

ඉහත පෙන්වා ඇති පරිදි කොටස් කපා ගන්න. 1-2 කොටස්A” B එකට සිටින සේ සෙ.මි. 1/2 මැහුම් වාසියට තබා මසන්න. (2) කොටස දෙපසට (1) කොටස් 2 ක් තබා මසා ගත යුතුයි. (ඇතුළතින් නොපිට නොපෙනෙන සේ) එසේ දෙපස කප් දෙක මසා ගන්න. කප් දෙකේ A පැති දෙක යාන්තමින් හසුවනසේ එකට මැහුමක් ගසා මූට්ටු කර ගන්න. ඉදිරි කර පයිපින් කර ගන්න. (3) කොටස් දෙකේ උල් කොටස දෙපසින් මැදට තබා අල්පෙනෙත්තක් ගසා ගෙන කොටස් තුනම අසුවනසේ මැද සිට දෙපසට මසන්න. 1 රූපය බලන්න. පහළට හරවා ගන්න. (4) පිටුපස කොටස් දෙක අල්ලා ඒ මැහුම් වාසි නොපෙනෙන සේ පයිපින් කරන්න. පිටුපස ගාංචු වලින් හක් කොටස දකුණටද “ප” යන කොටස වමටද තබා මසන්න. ඉතිරි සියලු කොටස් පයිපින් කර ගන්න. බකල් සෙට් එකේ රවුම් කොටස රූප සටහනේ මෙන් ඉදිරි දෙපසට රෙද්දට නවා තබා මසාගන්න. හතරැස් බකල් එක පටියට දමා මසා පටිය එතුළින් දමාගෙන හතරැස් බකල් එක ඇතුළින් දමා සාදා ගන්න. (පටිය අඟල් 16 ට ගන්න.) පටියේ අග රූප සටහනේ මෙන් පිටුපස කොටසට අල්ලා ගන්න.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>