TT Ads

මල් අතර ඉතා අලංකාර වූ සුවඳවත් හා ජනප්‍රිය මල් වර්ගයකි රෝස. රෝස මල ආදරයේ සංකේතයක් ලෙස තරුණ තරුණියන් අතර ප්‍රචලිතය. රෝස මල් විවිධ ප්‍රමාණ පෙති, පාට සහ තනි මල් හෝ මල් පොකුරු වශයෙන් දක්නට ඇත. රෝස ප්‍රභේද 15,000ක් පමණ ඇති බව පැවැසේ.

නමුත්, රෝස අතු සිටුවා ගත් විට පැළ වෙන්නේ නැහැ නේද? රෝස බද්ධකර ගන්න පුළුවන් නම්, මේ ගැටලුවෙන් මිදිය හැක. රෝස බද්ධ කිරීම, ඔබටම කරගන්න සරල ක්‍රමයකි මේ.

 

1. ඔබ ප්‍රදේශයේ පහසුවෙන් වැවෙන “කැලෑ රෝස ප්‍රභේදයක්” බඳුනක සිටුවා ගන්න.

 

2. බද්ධ කිරීමට අවශ්‍ය අංකුරයක් වෙන්කර ගන්න.
බද්ධ පිහියක් නොමැතිනම්, බ්ලේඞ් තලයකින් මෙය සීරුවෙන් කළ හැකිය.

3. දැන්, රෝස පැළයේ “යටි කුරුවට” හෝ “උඩු කුරුවට” ඉංග්‍රීසි කැපිටල් ,ඔ, අකුරක ආකාරයට කැපුමක් යොදා ගන්න.

 

4. එම කැපුම තුළට මුලින් කපා වෙන් කරගත් අංකුරය, පොත්ත තුළට රිංගවා ගන්න. දැන් පොලතීන් පටි වලින් බද්ධ කළ ස්ථානය හොඳින් වෙලා ගන්න. බද්ධ හන්දිය නොතෙමෙන සේ සහ නොසෙල්වෙන සේ තබා ගන්න.

 

5. මාසයකින් පමණ අංකුරය වර්ධනය වෙයි.

 

6. මෙම අංකුරය හොඳින් වර්ධනය වීමට, කැලෑ රෝස ගසේ බද්ධ හන්දියට ඉහළින් කඳ කපා දමන්න.
රෝස පැළ බද්ධ කිරීම හුරුව සහ අත්දැකීම් ලබා සාර්ථක කරගන්න. බද්ධ රෝස පැළ නිෂ්පාදනය ස්වයං රැකියාවක් සේ කළ හැකි හොඳ ව්‍යාපාරයක් වේවි.

 

මාතලේ අපනයන කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ  හිටපු විෂයානුබද්ධ නිලධාරි (විශේෂ ශ්‍රේණිය)
සරාසඳ ජයකොඩි

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>