TT Ads

ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට විශිෂ්ටතම පාරිභෝගික භාණ්ඩ ඉදිරිපත් කරන සිංගර්, බේකරි ආහාර නිෂ්පාදන පිළිබඳ උනන්දුවක් දක්වන සිය පාරිභෝගිකයින් වෙත නවමු අත්දැකීමක් පිරිනැමීම සඳහා ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනියක වන දුෂාන්ති මදනායක සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. ඒ අනුව, ඉදිරි දෙවසරක කාලයක් සඳහා සිංගර් හා සම්බන්ධ වෙමින් දුෂාන්ති මදනායක, බේකරි නිෂ්පාදන සඳහා භාවිත කළ හැකි සිංගර් උපකරණ පිළිබඳව ඇය කේක් නිර්මාණ පිළිබඳ පන්ති පවත්වන කේක් ඇකඩමිය මගින්ද, යූ ටියුබ් නාලිකාව ඔස්සේද, දැනුවත් කිරීමට නියමිතය. දුෂාන්ති මදනායකගේ කේක් ඇකඩමියද සිංගර් වෙළෙඳ පොළට ගෙන එන නවතම ගෘහ උපකරණවලින් සමන්විත වන අතර, කේක් නිර්මාණ පන්තිය සඳහා සිංගර් බේකරි උපකරණද භාවිත කෙරේ. මෙම නවතම සබඳතාවය මගින් කේක් කර්මාන්තයේ නියැලෙන සිංගර් පාරිභෝගිකයින්ට ඒ සඳහා වඩාත් ගැලපෙන, හොඳම උපකරණ පිළිබඳ දුෂාන්ති මදනායක හරහා දැනුවත් වීමට හැකියාව ලැබේ.

“සිංගර් මගින් අපේ පාරිභෝගිකයින් වෙත නවෝත්පාදන ඉදිරිපත් කරනවා පමණක් නොවෙයි, ඔවුන්ගේ පාරිභෝගික අත්දැකීම ඉහළ නැංවීමත් අපේ අරමුණක්. දුෂාන්ති මදනායක සමග සම්බන්ධ වීම මගින්, අපගේ අරමුණ සැබෑවක් කර ගැනීමට හොඳ පියවරක් අප ඉදිරියට තැබූ බව විශ්වාසයි.”  සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා සඳහන් කළේය.

කේක් හා ඉවුම් පිහුම් වැඩසටහන් විකාශය කරන රූපවාහිනී නාලිකා ගණනාවක සම්පත් දායිකාවක වන දුෂාන්ති මදනායක පළපුරුදු කේක් නිර්මාණ ශිල්පිනියකි. අයිසින් නිර්මාණ සැරසිලි ක්ෂේත්‍රයට 25 වසරක පළපුරුද්ද තිලිණ කරන ඇය, දශකයකට වැඩි කලක් පුරා කොළඹ නගරයට රසවත් කේක් සපයන ප්‍රකට White Flower Cakes and Weddings (Pvt) Ltd හි හිමිකාරිනියද වෙයි

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>