TT Ads

 ශ්‍රී ලංකාවට කල්පවතින භාණ්ඩ හඳුන්වා දීමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, නවතම ශීතකරණ මාදිලි හයක්, කිංස්බරි හෝටලයේදී පසුගියදා එළි දැක්විය. එළිදැක්වීමේ උළෙල, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාගේ හා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන,  සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. අලුතෙන්ම හඳුන්වා දුන් මාදිලිවල ඇති විශේෂත්වය නම්, ඒවා ලීටර් 260  සිට ලීටර් 300 දක්වා ඉහළ ධාරිතාවයකින් යුක්ත වීමයි. R600a ශක්තිය ඉතිරි කරන, ඉන්වර්ටර් තාක්ෂණයෙන් යුත් මෙම ශීතකරණ, වැඩි ශක්තියක් වැය වන අනෙකුත් ශීතකරණ අතර සුවිශේෂී වෙයි.

2013 වසරේදී, ශක්තිය ඉතිරි කරන අංග ඇතුළත් ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වූ R600a තාක්ෂණය දකුණු ආසියාවට හඳුන්වා දීමේ පුරෝගාමියා සිංගර් ශ්‍රී ලංකා සමාගම විය. ශ්‍රී ලංකාවේ ශීතකරණ වෙළෙඳ පොළෙන් 50% කට වැඩි වෙළෙඳ පොළක් අඛණ්ඩව අත්පත් කර ගෙන සිටීමේ හැකියාවද සිංගර් ශ්‍රී ලංකා සමාගම සතුව තිබේ. ඒ හැරුණු විට, 2017 අග භාගයේදී මුල්වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ Geo Smart intelligent ශීතකරණයද සිංගර් ශ්‍රී ලංකා සමාගම වෙතින් වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. 2013 වසරේ පටන් මේ දක්වා සිංගර් ශ්‍රී ලංකා සමාගම, ශීතකරණ මිලියනයකට වඩා අලෙවි කර ඇතැයි සාඩම්බරයෙන් සඳහන් කරයි. අඩු බල ශක්තියක් වැය වන එම පරිසර හිතකාමී ශීතකරණය භාවිතයේ ඇති වාසි පිළිබඳව ප්‍රචාරය කළ සිංගර් පාරිභෝගිකයෝද ශීතකරණ වෙළෙඳ පොළ ජය ගැනීමට සිංගර් ශ්‍රී ලංකා සමාගමට සහය දැක්වූහ.

“ශ්‍රී ලංකාවේ ශීතකරණ වෙළෙඳ පොළේ පෙරමුණ ගැනීමට හැකි වීම සිංගර් ශ්‍රී ලංකා සමාගම ලැබූ සුවිශාල ජයග්‍රහණයක්. විශේෂයෙන්ම නව්‍යෝත්පාදකයකු හැටියට නවතම තාක්ෂණය හා ශක්තිය ඉතිරි කරන විශේෂාංග මුසු කරමින්, ශ්‍රී ලංකාවේ ශීතකරණ වෙළෙඳ පොළට හොඳම නිෂ්පාදන අපි ඉදිරිපත් කර තිබෙනවා. දේශීය නිෂ්පාදන හරහා ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමට හැකි වනු දැකීම අපට ආඩම්බරයක්. ඒ වගේම මාදිලි හයකින් ශීතකරණ වෙළෙඳ පොළට නිකුත් කිරීමත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ලද විශේෂ ජයග්‍රහණයක් වෙනවා” එලෙස අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කරයි.

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>