TT Ads

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයින් වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම, Sony ඉන්ටර්නැෂනල් හා එක්ව නවතම OLED රුපවාහිනී සහ HIFI ඕඩියෝ සිස්ටම් පෙළක් වෙළෙඳපොලට පසුගියදා හඳුන්වාදෙනු ලැබීය.. පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම හඳුන්වාදීම අති උත්සවාකාරයෙන් පැවති අතර ඒ සඳහා සිංගර් ශ්‍රී ලංකා සහ Sony ඉන්ටර්නැෂනල් හි කළමනාකාරිත්වය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

ශ්‍රී ලාංකීය වෙළඳපල තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති Bravia OLED නිෂ්පාදන පෙළ සඳහා නවතම වැඩිදියුණු කල රූපවාහිනි පෙළක් A9G Premium OLED TV, A9G 4K OLED TV, A8G 4K OLED TV, X70G 4K HDR TV, W660G 2K TV ලෙසින් හඳුන්වා දුන් අතර, මෙයට සමගාමීව MHC-V82, MHC-V42D ,MHC-V02 සහ GTK-PG10 HIFI ඕඩියෝ ස්පීකර් පෙළක් සහ Noise Cancelling පහසුකම සහිත WH-1000XM3 හෙඩ්ෆෝන් හඳුන්වා දීමක්ද  සිදු කෙරිණි.

මෙම නවතම නිෂ්පාදන පෙළ හදුන්වාදීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේ නිරන්තරයෙන් හොඳම නිෂ්පාදන, සේවා සමග පාරිභෝගිකයා වෙත නවීන තාක්ෂණය තිළිණ කරන සිංගර් විසින් Sony හා එක්ව සිදුකරන මෙම හඳුන්වාදීම මෙරට ජනතාවට තවත් නැවුම් අත්දැකීමක් වනු ඇති බවයි. මෙම නව හදුන්වා දීම් මගින් මෙරට ඇති නවීනතම තාක්ෂණයෙන් යුතු රූපවාහිනි සහ HIFI ඕඩියෝ සිස්ටම් පරිහරණය කිරීමට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමිවන බවද හෙතෙම කියා සිටියේය.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>