TT Ads

වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා ජාත්‍යන්තර වෘත්තීය ගමන් මගක් උරුම කර දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය සිය සිසු සිසුවියන්ගේ අනාගත අපේක්ෂාවන් නිවැරදිව හඳුනා ගනිමින්, ඔවුන්ගේ ජීවිතවලට වෘත්තීයමය වටිනාකමක් එක් කරමින් සුවිශාල ජාතික මෙහෙවරක් ඉටු කරමින් හිඳී.
දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශණාගාර වලට අනුබද්ධිතව පිහිටුවන ලද සිංගර් ෆැෂන් ඇකඩමි 62කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින් සිසු සිසුවියන්ට පහසුවෙන් ළඟා විය හැකි නගර වලදී සිය කුසලතාවන් වර්ධනය කර ගැනීමේ අවස්ථාව සිංගර් ෆැෂන් ඇකඩමි තුළින් හිමිවෙයි. වඩා ආරක්ෂාකාරී වටපිටාවකදී අධ්‍යයන කටයුතු නිමා කරලීම සඳහා සිසුන්ට අවස්ථාව හිමිවන අතර ප්‍රායෝගික හැදෑරීම් රැසකට සම්බන්ධ වීමටද එහිදී ඇඳුම් නිර්මාණය සහ ඇඳුම් මැසීම පිළිබඳව සියලු අංශ සහ විවිධ මැහුම් අත්කම් ක්‍රමද හැදෑරීමට අවස්ථාව හිමි කර දී ඇත.
සිංගර් ෆැෂන් ඇකඩමිය හරහා ඔබට ඩිප්ලෝමා පාඨමාලා 2ක්, සහතික පත්‍ර පාඨමාලා 8ක් සහ කෙටි කාලීන පාඨමාලා 11ක් ඇතුළු පාඨමාලා 20කට අධික ප්‍රමාණයක් හැදෑරීමේ අවස්ථාවන් හිමි වේ. ඉතා පහසු සහ දැරිය හැකි පිරිවැයකට මෙම පාඨමාලා සඳහා ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට ලියාපදිංචි විය හැකි අතර පාඨමාලා සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
විලාසිතා නිර්මාණකරණය මේ වන විට විවිධ අංශයන් ඔස්සේ නවීකරණය වී ලොව පුරා විවිධ රටවල් තුළ මහා පරිමාණ ලෙස ව්‍යාප්ත වී ඇති විෂය ක්ෂේත්‍රයකි. සිංගර් ෆැෂන් ඇකඩමිය විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා හඳුන්වා දී ඇත්තේ මෙලෙස දිනෙන් දින වෙනස් වන මැහුම් සහ විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහාමය. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේදී ගණිතය සහ ඉංග්‍රීසි විෂයයන්ට අවම වශයෙන් සම්මන සාමාර්ථ (C) ලබා ගත් ඕනෑම අයකුට ආරම්භයේදී විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවට ලියාපදිංචි විය හැක. මාස 6ක කාලයක් පුරාවට දිවෙන මම වැඩසටහන ක්‍රියාත්මක කරන එකම ආයතනය වන්නේද සිංගර් ෆැෂන් ඇකඩමියයි. තවද සහතික පත්‍ර පාඨමාලාව නිම කරන සියලු දෙනා හට ඩිප්ලෝමා පාඨමාලාව සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා පිළිවෙළින් ඇතුළත් විය හැක.
වෙළෙඳපළෙහි ඇති අනෙකුත් විලාසිතා නිර්මාණකරණය හා සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලාවන් හා සැසඳීමේදී ඉතා අවම පිරිවැයකින් මෙම පාඨමාලාව හැදෑරීමට හැකි වීම විශේෂත්වයක් වන අතර, ඕනෑම මූල්‍ය තත්ත්වයකට ගැළපෙන පරිදි පහසු ගෙවීම් ක්‍රමද ලියාපදිංචි වන්නන්ට හිමිවේ.
තවද සිසුන් සඳහාම කැප වූ දක්ෂ, පළපුරුදු, සුහදශීලී උපදේශිකාවන් පිරිසක් සිංගර් ෆැෂන් ඇකඩමිය හා අත්වැල් බැඳ ගෙන සිටී. ශාස්ත්‍රීය හා වෘත්තීය දැනුම සම්මිශ්‍රණය වූ ඉහළ ගුණාත්මක බවකින් යුත් අධ්‍යාපනයක් ලබා දීමටත්, ඒ සඳහා සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමෙහිලාත් සිංගර් ෆැෂන් ඇකඩමිය නිරතුරුවම කැප වේ. සිසුන් සඳහා වන ප්‍රායෝගික ක්‍රියාකාරකම් කලාප සහ ඔවුන් සඳහා තනි පුද්ගල අවධානයක් පාඨමාලාවේ අවසානය වන තෙක් ලබා දීමද විශේෂත්වයකි. පුළුල් පරාසයක විහිදුණු ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් අනාගත ලොව ජය ගැනීමට හැකි පිරිසක් බිහි කිරීමට සිංගර් ෆැෂන් ඇකඩමිය නිරතුරුවම කැප වෙමින් සිටී.
සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් පවත්වනු ලබන පාඨමාලා හයක් වෙනුවෙන් එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ (Chartered Society of Designers-UK) CSD Validation තත්ත්වය හිමි වී ඇති අතර එම සංගමයෙන් ඇගයීමට ලත් මෙරට ප්‍රථම ආයතනය බවට පත් වී ඇත්තේ සිංගර් ෆැෂන් ඇකඩමියයි. විලාසිතා නිර්මාණකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, විද්‍යාත්මක ඇඳුම් නිර්මාණය පිළිබඳ ඩිප්ලෝමාව, මැෂින් එම්බ්‍රොයිඩරි පිළිබඳ ඩිප්ලෝමාව, මූලික ඇඳුම් නිර්මාණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, මැෂින් එම්බ්‍රොයිඩරි පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සහ සාරි බ්ලවුස් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව මේ සඳහා ඇතුළත් වේ. ඒ අනුව එවැනි වලංගුතා තත්ත්වයක් සහිත පාඨමාලාවක් හැදෑරීම මගින් කීර්තිමත් එක්සත් රාජධානියේ CSD සහතිකය මෙන්ම මෙරට ප්‍රමුඛ සිංගර් ෆැෂන් ඇකඩමියේ සහතිකයද යන සහතික දෙකම එකවර හිමිකර ගැනීමේ මහඟු අවස්ථාව මෙරට සිසුන්ට හිමිවේ.
ආයතනයේ බඳවා ගැනීම් පෙබරවාරි මස පළමු වනදා (1) සිට මාර්තු මස තිස් එක් වෙනිදා දක්වා සිදු වන අතර, මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි වීම පිළිබඳ වැඩිදුර විස්තර ඔබට 0766177177 යන දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැකිය.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>