TT Ads

නිදන්ගත රෝග සඳහා මූලබීජය ඇඟ උෂ්ණවීම බව නූතන විද්‍යාත්මක පරීක්ෂණවලින් සොයාගෙන ඇත. අත්ල, යටිපතුල් රත්වීම, නිතර දහඩිය දැමීම, දහඩි දුඟදින් යුක්තවීම ආදී බොහොමයක් රෝග ලක්ෂණ ඇඟ උෂ්ණවීම නිසා මතුවෙයි. මෙකී රෝග තත්ත්වයන් පාලනය කරන්නට හැකි හොඳම ඖෂධය කෝමාරිකායි. කෝමාරිකාවල දෙපැත්තේ දාරය සුද්ධ කර එහි මදය සූරා සීනි දමා ආහාරයට ගැනීමට පුළුවන. එයට ඇතමුන් ප්‍රියතාවයක් නොදක්වන නිසා කෝමාරිකා ව්‍යංජනය දවල් ආහාරයට හෝ රාත්‍රී ආහාරයට එක් කර ගැනීමට පුළුවන.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:-

  • කෝමාරිකා ග්‍රෑම් 200ක්\
  • රතු ලූනු ග්‍රෑම් 30ක්
  • ලියාගත් සුදු ලූනු තේ හැඳි 01ක්
  • ලියාගත් කරපිංචා තේ හැඳි 01ක්
  • බැදගත් උළුහාල් තේ හැඳි 1/4ක්
  • කහ තේ හැඳි 1/2ක්
  • මිරිස් කුඩු තේ හැඳි 1/4ක්
  • ලුණු තේ හැඳි 1/2ක්
  • දෙහි යුෂ තේ හැඳි 1/4ක්
  • හලාගත් අළු (ළිපක ඉතිරි වූ අළු) ග්‍රෑම් 50ක්
  • අමු මිරිස් කරල් 2ක්
  • දියකිරි අඬු කෝප්ප 02ක්
  • මිටි කිරි අඬුකොප්ප 1/2ක් කුරුඳු පොතු අඟල් 1/4 කැබැල්ලක්
  • රම්පෙ කැබැල්ලක්

සාදා ගන්නා ආකාරය:-
මුලින්ම කෝමාරිකාවල පොත්ත ඉවත් කර අඟල් 1/2ක කුට්ටි කපා හලාගත් අලුවල තවරා විනාඩි 10ක් පමණ තිබෙන්නට හැර හොඳට සෝදා ගන්න. ඉන්පසුව මිටිකිරි හැර අන් සියලු දේ කෝමාරික සමග මිශ්‍රකර ළිප තබා තරමක් හිඳුණු විට මිටිකිරි දමා ඉස්ම හින්දවා ගන්න.

(අළු සොයා ගන්නට අපහසු නම් කෝමාරිකා වලට වතුර හා ගොරකා කැබැලි 2ක් දමා විනාඩි 10ක් තිබෙන්නට හැර සෝදා ගන්නට පුළුවන.)

උපදෙස්
ගල්කිස්ස මහා හෝටලයේ ප්‍රවීණ සූපවේදි
ආචාර්ය පබ්ලිස් සිල්වා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>