TT Ads

ඉවුම් පිහුම්වලදී අලුත් අත්හදා බැලීම් සහ අලුත්ම සොයා ගැනීම් කෑම වේලට එක් කරන්නේ නැවුම් බවක්. මෙතෙක් කෑම මේසයේ දකින්නට නොලැබුණ සුදු අරලිය දළු ව්‍යංජනයක් එසේ කෑම මේසයට එක් කරගත හැකි වුණොත් එය ඔබේ කෑම වේලට අපූර්වත්වයක් එක් කරනවා නිසැකයි. ඒ වගේම මෙය අර්ශස් අමාරුව ඇති අයටත් අනර්ඝ ඖෂධයක්.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:-

 

  • සුදු අරලිය දළු ග්‍රෑම් 300ක් පමණ
  • ලියාගත් රතු ලූනු ග්‍රෑම් 30ක්
  • කපාගත් අමුමිරිස් කරල් 2ක්
  • කපාගත් සුදුලූනු තේහැඳි 01ක්
  • කපාගත් කරපිංචා මේස හැඳි 01ක්
  • රම්පෙ අඟල් 1/2ක පමණ කැබැල්ලක්
  • කුරුඳු පොතු අඟල් 1/2ක පමණ කැබැල්ලක්
  • උම්බලකඩ කුඩු තේ හැඳි 1ක්
  • තුනපහ කුඩු තේ හැඳි 1ක්
  • කහකුඩු තේ හැඳි 1/2ක්
  • මිරිස් කුඩු තේ හැඳි 1/4ක්
  • දිය කිරි අඬු කෝප්ප 1/2ක්
  • ලුණු (රස අනුව)

 

සාදා ගන්නා ආකාරය

 

සෝදාගත් අරලිය දළු ටික කහ සහ ලුණු මිශ්‍ර වතුරෙන් විනාඩි 8ක් හෝ 10ක් පමණ තම්බා ගන්න. එසේ තම්බා ගත් අරලිය දළුවල නාරටිය ඉවත්කර සිහින්ව කපා ගන්න. ඉන්පසු ඉහත සියලු අමු ද්‍රව්‍ය එක්කර ඉස්ම හිඳෙන තුරු පිස ගන්න.

 

උපදෙස් – ප්‍රවීණ සූපවේදී ඉෂාර සඳරුවන්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>