TT Ads

සී ෆූඞ් රයිස්, යෙලෝ රයිස් හදනවානම් හරි චයිනීස් ක්‍රමයට කෑම උයනවානම් කංකුං රසය නැතුවම බැහැ. ඔන්න ඒ නිසා උත්සව මේසෙට කදිමට ගැළපෙන සුදුලූනු කංකුං එකමුතුව අපූරු රසයක් එක්කරාවී.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

  • කංකුං ග්‍රෑම් 50ක්
  • සුදුලූනු ග්‍රෑම් 25ක්
  • ඔයිස්ටර් සෝස් මිලි ලීටර් 5ක්
  • රවුමට කපාගත් බී ලූනු ග්‍රෑම් 10ක්
  • තෙල් මිලි ලීටර් 03ක්
  • ඉඟුරු තරමක කැබැල්ලක්
  • ලුණු රස අනුව

 

සාදා ගන්නා ආකාරය

 

භාජනයකට තෙල් දමා රත් වූ පසු එයට ඉඟුරු, සුදුලූනු එක්කර බැදගන්න. පසුව එයටම කංකුං හා ලුණු ස්වල්පයක් එකතු කර බී ලූනු රවුම් කපා එක් කරන්න. අවසානයේ ඔයිස්ටර් සෝස් එක්කර මද වේලාවක් තබා ළිප නිවා ගන්න.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>