TT Ads

නිවසේ සුනඛාදී සතුන් හිඳීමෙන් එහි දරුවන් වැඩිපුර රෝගී වන බවට යම් විශ්වාසයක් අදත් අප සමාජයේ දකින්න පුළුවන්. ඒ සතුන්ගෙන් පැතිරෙන යම් යම් රෝග කාරක විෂබීජ නිසා දරුවන් එලෙස වැඩිපුර රෝගී වන බව තමයි ප්‍රසිද්ධ මතය.

 

ඒ රෝග අතුරින් නිතර සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන් හට ගැනීම සහ සම මත යම් යම් ආසාදන ඇතිවීම ප්‍රධාන බවයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. ඇත්තෙන්ම නිවසක සුනඛාදී සතුන් හිඳීම සහ ඒ නිවසේ දරුවන් ඉහත සඳහන් රෝග තත්ත්වයන්ට මුහුණ දීම එක්වර දක්වන්නට පුළුවන් දෙයක් තමයි. නමුත් දරුවන් තුළ හටගන්නා ඒ රෝග තත්ත්වයන් සහ ඒ සම්බන්ධයෙන් සුරතල් සතුන්ගෙන් වන බලපෑම ගැන විද්‍යාත්මක හා සායනික වශයෙන් තහවුරු වී තිබෙනවාද? අන්න ඒ පිළිබඳවත් අපි විශේෂයෙන් සොයා බැලිය යුතුයි.

කුඩා දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ගෘහාශ්‍රිත සතුන් ගෙන් වන අයහපත් බලපෑම පිළිබඳව ලෝකය පුරා නිරීක්ෂණ අධ්‍යයන (Observational Studies) සිදු වී තිබෙනවා. විශේෂයෙන් අපට ආසන්නම ඉන්දියාවේ පවා ඒ සම්බන්ධ නොයෙක් පරීක්ෂණ නිරීක්ෂණ සිදු කොට තිබෙනවා. නමුත් සුනඛයන්, බළලුන්, කුකුළන්, ගවයන්, එළුවන් ආදී සතුන් ඇසුරේම බිලිඳු විය ගත කරන ජන සමාජවල ජීවත් වන දරුවන් කෙරෙහි එවැනි විශේෂිත සෞඛ්‍යමය අවදානමක් එල්ල වී නොමැති බව ඒ අධ්‍යයන වලින් තහවුරු වී ඇතැයි පැවැසුවහොත් ඔබ පුදුම වෙනවාට සැක නැහැ. ඊට හේතුව යම් දරුවකු කුඩා කාලයේ සිටම එවන් පරිසර පද්ධතියකට හුරු කිරීමෙන් ඒ පරිසර පද්ධතියෙන් සම්ප්‍රේෂණය වන බැක්ටීරියා, වෛරස් ආදියට මුහුණ දිය හැකි ප්‍රතිදේහ (Antibodies) ඒ දරුවාගේ ශරීරය තුළම නිෂ්පාදන වීම බව ඒ පර්යේෂකයන් පවසනවා.

ඒ අනුව ගෘහාශ්‍රිත සතුන් ඇසුරේ බිලිඳු විය ගත කරන දරුවන්ගේ ශරීර තුළින් ඒ බලපෑම්වලට ඔරොත්තු දීමට හැකි අයුරින් ප්‍රබල ප්‍රතිශක්තියක් ඇතිවන බව බටහිර රටවල විද්‍යඥයන් පවා තහවුරු කර ගෙන තිබෙනවා.

ළමා සහ අසාත්මිකතා රෝග විශේෂඥ වෛද්‍ය
අජිත් අමරසිංහ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>