TT Ads

කවුරු හරි ඔබෙන් ඇහුවොත් ”හඳට යන්න කැමති ද?” කියලා, ඔබට හිතෙයි ”අපිට හඳට යන්න වෙන්නේ ඉතින් හීනෙන් තමයි” කියලා. දැන් ඉතින් තවදුරටත් එහෙම හිතන්න ඕනෙ නැහැ. හඳට යන්න කැමති අයට නාසා ආයතනය අවස්ථාවක් ලබා දෙන්නයි යන්නේ.
මේ ගැන නාසා ආයතනය පහුගිය දවසක සිය නිල වෙබ් අඩෙවියේ දැන්වීමක් පළ කරලා තිබුණා. ඔවුන් ඉදිරි අවුරුදු හතර ඇතුළත හඳටත්, අගහරු ග‍්‍රහයාටත් මිනිසුන් යවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මීට කලින් අවස්ථා කීපයකදී මිනිසුන් හඳට ගිහින් තියනවා. නමුත් 1969 අවුරුද්දේ සිදුවුණු ඓතිහාසික සඳගමනය විදියට හඳුන්වන්නේ නීල් ආම්ස්ට්‍රෝන්, එඞ්වින් ඕල්ඩි‍්‍රන් සහ මයිකල් කොලිංස් කියන තුන්දෙනාගේ ඇපොලෝ 11 මෙහෙයුම. 1972 අවුරුද්ද දක්වා අවස්ථා කීපයකදී මිනිසුන් කීප දෙනෙකු සඳට ගිහින් තිබුණා. ඉන් පස්සේ විවිධ පර්යේෂණ යානා හඳට යවලා තිබුණත් මිනිසුන් හඳට යවලා තිබුණේ නැහැ. මේ නිසා 2024 අවුරුද්දේ සඳ මෙහෙයුමේ යෙදෙන්න තමයි මේ විදියට ලෝකයේ ඕනෑම කෙනෙකුට අයදුම් කරන්න කියලා නාසා ආයතනය විවෘත ආරාධනයක් කරලා කියන්නේ. නමුත් හඳට යන්න අයදුම් කරන්න ඕනෙ කරන මූලික සුදුසුකම් කීපයක් තියනවා.
පළමුවැන්න තමයි ඇමෙරිකානු පුරවැසියෙකු වෙන්න ඕනෙ. දැන් ඔබට හිතෙයි එහෙනම් අපිට යන්න වෙන්නෙම නෑ කියලා. එහෙම හිතන්න එපා. ඇමෙරිකානු පුරවැසි භාවය ලබාගන්න අමාරුයි තමයි. නමුත් හඳට යෑමේ අරමුණ ඇතිව ඇමෙරිකානු පුරවැසිභාවය ඉල්ලූම් කළොත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඒ ගැන විශේෂයෙන් සළකා බලනවා කියලා වාර්තා වෙනවා. දෙවැන්න තමයි ස්ටම් ීඔෑඵ ක්ෂේත‍්‍රයේ පශ්චාද් උපාධියක් ලබා තියෙන්න ඕනෙ. ඒ කියන්නේ ීජසැබජැල ඔැජයබදකදටහල ෑබටසබැැරසබට සහ ඵ්එයැප්එසජි කියන විෂයන්වලින් එකක් ගැනයි. ඒ කියන්නේ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, පරිගණක විද්‍යාව ආදියත් මේකට අයිතියි. ඒ වගේම මේ ඉහත කී විෂයන් හා සම්බන්ධව අවුරුදු දෙකක ආචාර්ය උපාධි මට්ටමේ වැඩසටහන්වලට සහභාගි වෙලා තිබීම අමතර සුදුසුකමක් වෙනවා. ඒ වගේම ඉහත පළමු සුදුසුකම් දෙක තිබෙන පුහුණු වෛද්‍යවරුන්ට වුණත් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. 2021 අවුරුද්දේ ජුනි මාසෙ වෙද්දි ජෙට් එයාක‍්‍රාෆ්ට් එකක ගුවන් පැය 1000 සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඒ අය ගැන විශේෂයෙන් සළකා බලනවා.
නාසා ආයතනය මේ මූලික සුදුසුකම් තියෙන අයව තෝරගෙන ආයතනය තුළ දී භෞත චිකිත්සක පර්යේෂණයකට ලක් කරනවා. අර කලින් කියපු මොන සුදුසුකම් තිබුණත් වැඩක් නෑ මේ පර්යෙෂණයෙන් ෆේල් වුණොත්. මොකද මේ පර්යේෂණයෙන් පරීක්ෂා කරලා බලන්නේ ඔබ කොයිතරම් ශාරීරික සහ මානසික ශක්තියකින් යුතුයි ද කියන කාරණයයි. බැරි වෙලාවත් ඉන් අසමත් වෙන අයව ආපහු හරවලා ගෙදර එවන්නේ නැහැ කියලත් ඒ අයව නාසා ආයතනයේ වෙනත් තනතුරු සඳහා තෝරා ගන්නවා කියලත් ඔවුන් කියනවා.
භෞත චිකිත්සක පර්යේෂණයෙන් පාස් වුණොත් අවුරුදු දෙකක හමුදාමය පුහුණුවක් ලබා දෙනවා. ඒ කියන්නේ වතුරේ දී ජීවිතය රැුක ගන්න විදිය, රොබෝවරු පාලනය කරන විදිය, ෂටලයක් ක‍්‍රියා කරවන විදිය, වගේම රුසියානු භාෂාව කතා කරන්නත් උගන්වනවා.
1960 දශකයේ ඉඳලා මේ විදියට බඳවා ගත්තු නවකයින් ගණන 350 ක් විතර වෙනවා. නමුත් මේ වෙද්දි සක‍්‍රීය ගගනගාමීන් විදියට කටයුතු කරන්නේ ඉන් 48 දෙනෙකු විතරයි. ඉතින් මේ සුදුසුකම් සපුරා තියෙනවා නම් ඔබ කරන්න ඕනෙ මාර්තු 2 ත් 31 ත් අතර කාලය තුළ නාසා නිල වෙබ් අඩෙවියට ගිහින් ඔන්ලයින් අයදුම්පත විවෘත කරගෙන ඔබේ සුදුසුකම් පුරවලා යැවීමයි. සමහර විට ඔබට හඳට ගිය පළමු ශ‍්‍රී ලාංකිකයා විදියට ඉතිහාසගත වෙන්නත් පුළුවන්.

දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>