TT Ads

මට හිතෙන විදියට අපේ ජීවිතෙත් හරියට පුංචි බෝට්ටුවක යන ගමනක් වගේ. තනි මිනිහෙකුට යන්න පුළුවන් පුංචි බෝට්ටුවකට වැඩිය බර පටවන්න බැහැ. ගමනට අවශ්‍ය කෑම ටිකක්, වතුර භාජනයක්, සපත්තු, තොප්පි, ආයුධ කීපයක්, ඇඳුම් ආයිත්තම්, දැල් ආම්පන්න, භූමිතෙල්, ලාම්පු වගේ ගමනට අවශ්‍ය භාණ්ඩ විතරක් පටවගන්න පුළුවන්. හැබැයි ඕනවට වඩා බර පැටෙව්වොත් බෝට්ටුව ගිලෙනවා.”
මගේ යාළුවෙකුට වෙච්ච දෙයක් ගැන හිත හිතා ඉන්න කොටයි මට ඒ වගේ අදහසක් පහළ වුණේ. හොඳ තනතුරක්, හොඳ වැටුපක් එක්ක රටම පිළිගත්ත ප‍්‍රසිද්ධ සමාගමක තමයි මේ කියන මිතුරා වැඩ කළේ.මම දන්නා තරමින් එම රැකියා ස්ථානය තුළ ඔහුට කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒත් හිටි හැටියේම ඔහු එම රැුකියාවෙන් ඉවත් වෙන්න තීරණය කළා.
”එක තැන හිටියාම අපි පල් වෙනවා. වෙනසකටත් එක්ක පුංචි චේන්ජ් එකක් ගන්න හිතුවා. වෙඩින් එකත් ළඟ හින්දා සල්ලිත් ඕනනේ. මම අලූත් නම්බර් එකකින් කෝල් එකක් දෙන්නම්…..”
එදා එහෙම කියපු මිතුරා මට ආයෙමත් කතා කළේ මාස තුනකට විතර පස්සේ.
”මෙතන මාර අවුල්…. බැඳුම්කර ප‍්‍රශ්නෙට මුන්ගේ නමත් ගෑවිලා. මාස දෙකකින් පඩි ගෙව්වෙත් නෑ. අපරාදෙ කියල හිතෙනවා හිටපු තැනින් අයින් වුණේ. වෙඩින් එකත් කර ළඟටම ඇවිත්. කරගන්න කිසි දෙයක් නැහැ.”
එහෙම කියපු මගේ මිතුරා එදා දුරකථනය තිබ්බේ බොහොම පසුතැවිල්ලෙන්. මට මේ වෙලාවේ ඔබට කියන්නට පුංචි කතාවක් මතක් වුණා. මෙන්න මේකයි කතාව.
”ඔන්න ගල් කඩලා ජීවත් වෙච්ච මනුස්සයෙක් හිටියා. දවසක් මේ මනුස්සයා ලස්සන මාලිගාවක් දැකලා හිතුවලූ අනේ මටත් ඔය වගේ ලස්සන මාලිගාවක ඉන්න ඇත්නම් කියලා. මේ මනුස්සයා දිහා බලාගෙන හිටපු දෙවි කෙනෙක් ප‍්‍රාතිහාර්යයකින් වගේ එ් ඉල්ලීම ඉටු කරලා දුන්නලූ. ඊට පස්සේ මේ කියන මනුස්සයාට මාලිගාවේ රජතුමා වගේ දෝලාවකින් ගම වටේ යන්න හිතුනම දෙවියෝ එ් වරමත් මිනිහට දුන්නලූ. දෝලාවේ යද්දී අව් රශ්මිය දැනිලා මේ මනුස්සයට හිතුනලූ ”ඉර එළිය මට වඩා බලගතුයි…. මට සූර්යා වෙන්න ඇත්නම්…..” කියලා. දෙවියෝ එ වරමත් දුන්නලූ. එ්ත් ඉර එළිය සහ රස්නය ”වැස්ස” නිසා අඩු වුණාම වැස්ස බලගතුයි කියලා හිතපු මේ මනුස්සයා ”අනේ මට වැස්ස වෙන්න ඇත්නම්….” කියලා හිතුවලූ. අනේ අර දෙවියෝ එ් වරමත් අර මනුස්සයාට දුන්නලූ. එ්ත් වැස්ස කොච්චර තද වුණත් ලොකු ගලක්වත් හොල්ලන්න බැරි වූ නිසා මේ මනුස්සයා, වැස්ස වුණාට වැඩක් නෑ…. මට ලොකු කළු ගලක් වෙන්න ඇත්නම් කියලා හිතුවලූ.
හැම වරයක්ම දුන්න දෙවියෝ මේ මනුස්සයාට එ් අවස්ථාවත් නොදී හිටියේ නෑ. දැන් මේ මනුස්සයා ලොකු කළු ගලක් වෙලා ශක්තිමත්ව හිනා වෙවී ඉන්නවලූ. ටික වෙලාවක් යනකොට ගල් කඩන මිනිහෙක් ඇවිත් එ් ලොකු කළු ගල ටිකෙන් ටික කඩන්න ගත්තලූ. දැන් හරි වැඬේ…. මිනිහට හිතුනලූ අයියෝ මහ කළු ගලකට වඩා මේ පුංචි මිනිහා බලගතුනේ. ඒ හින්දා මම ගල් කඩන මිනිහෙක් වුණා නම් එ්ක තමා හොඳ කියලා. එහෙම හිතුවා විතරයි දෙවියෝ අර මනුස්සයව ආයෙමත් පුරුදු විදියට ගල් කඩන මිනිහෙක් බවටම පත් කළාලූ.”
දැන් ඔබට තේරෙනවා නේද මේ කතාවෙන් අපට ගන්න පුළුවන් පාඩම මොකක්ද කියලා. අපි බොහෝ වෙලාවට අපේ වර්තමාන තත්ත්වයට ආස නෑ. පිටස්තර ලෝකෙ දිහා බලලා ” එ් අය අපට වඩා වාසනාවන්තයි…. අනේ අපිටත් එ් වගේ වෙන්න තිබුණා නම්…..” කියලා හිතනවා.
මේ කාරණයේම තවත් පැත්තක් තිබෙනවා. සමහර විට අපිට වඩා මානසිකව හෝ භෞතිකව දියුණුවක් ලබා තිබෙන කෙනෙකුගේ ජීවිතය දිහා බලලා ”අපිත් දියුණු වෙන්න ඕන කියලා හිතලා” එ් කෙනාව ආදර්ශයට හෝ ඉලක්කයට ගත්තට කමක් නෑ. එ්ත් ඔබ අද ඉන්නා පසුබිම තුළ, මේ මොහොත තුළ ඇති වටිනාම දේ මග හැරෙන තරමට සිහින පසුපස ලූහු බැඳීම නම් මහා මෝඩ වැඩක්.
මම එ් කතාව සනාථ කරන්න තවත් පුංචි කතාවක් කියලා අදට මේ සටහන නිමා කරන්නම්.
”ඔන්න එක නැවක ගමන් ගත් මගියෙක් මුහුද ටිකක් ප‍්‍රචණ්ඩ වුණාම මහ හයියෙන් කෑගහන්න ගත්තලූ. නැවේ කපිතාන් කිව්වලූ ”බයවෙන්න එපා…. අපි ආරක්ෂිතයි…..” කියලා ඒත් මිනිහා ඇහුවෙම නැහැලූ. මර හඬදිදී කෑ ගහනවලූ. බැරිම තැන කපිතාන් එයාව නැවෙන් මුහුදට තල්ලූ කළාලූ. මුහුදට වැටුණු මිනිහා තවත් යටි ගිරියෙන් කෑ ගගහා දඟලනකොට කපිතාන් ජීවිතාරක්ෂක භටයින්ට කිව්වලූ මුහුදට පැනලා ඔහුව බේරගන්න කියලා. පස්සේ එ් අය බියෙන් දඟලන මගියාව බේරගෙන ආයෙමත් නැවට ගත්තලූ. ඊට පස්සේ නම් එ් මනුස්සයා කෑ ගහලා නෑ. ටික වෙලාවකට පස්සේ මේ මනුස්සයා ළඟට ආපු කපිතාන් මෙහෙම ඇහුවලූ.
”අපි ඉන්න තැනට වඩා අන්තිම දරුණු තැනකට වැටුණොත් නේද අපි කලින් හිටපු තැන හොඳයි කියලා හිතෙන්නේ…. ”එහෙම නේද?”
එ වේලාවේ ඒ මනුස්සයා ”හ්ම්” ශබ්දයක්වත් නැතිව නිශ්ශබ්දව හිටියලූ.

ගීත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>