TT Ads

පෝෂණ ගුණයෙන් ඉහළ වුණත් හාල් මැස්සෝ මාළු අපේ ආහාරයට එක්වන්නේ ඉතාමත් විරලවයි. එයට ප්‍රධානම හේතුව හාල්මැස්සෝ මිරිසට තම්බලා වගේම හාල්මැස්සෝ කිරි හොද්ද කන්න තියෙන අකැමැත්තයි. ඒ නිසාම එයට රසවත් විකල්පයක් කියා දෙන්නයි අපේ මේ සූදානම.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • හාල්මැස්සෝ ග්‍රෑම් 500ක් (අමු හාල් මැස්සෝ)
  • ලූනු ගෙඩි 01ක් (සිහින්ව කපාගත්)
  • සුදු ලූනු බික් 03ක් හෝ 04ක් (සිහින්ව කපාගත්)
  • පොඩියට කපාගත් කරපිංචා
  • ලුණු අවශ්‍ය පමණට
  • ගම්මිරිස් තේ හැඳි 01ක්
  • කැබැලි මිරිස් තේ හැඳි 01ක්
  • දෙහි ගෙඩි 01ක්
  • බිස්කට් කුඩු අවශ්‍ය පමණ
  • අලගෙඩි 01ක්
  • කැරට් අල 01ක්
  • පාන්පිටි ග්‍රෑම් 100ක්
  • බිත්තර 01ක්

සාදා ගන්නා ආකාරය

මුලින්ම හාල්මැස්සන් හොඳින් සුද්ද කර බ්ලෙන්ඩර් කරගන්න. එසේ බ්ලෙන්ඩර් කරගත් මාළුවලට අමුවෙන් අල ගෙඩිය හා කැරට් ග්‍රේට් කර එය කලවම් කර ගන්න. එසේම ලූනු, සුදුලූනු, ලුණු, ගම්මිරිස් කෑලි මිරිස් දෙහි දමා හොඳින් කලවම්කර බෝල සාදා ගන්න. එම බෝල පාන්පිටි වල තවරා බිත්තර සාරුවල දවටා බිස්කට් කුඩු තවරා ගන්න. දැන් මේ රසවත් කට්ලට් ගැඹුරු තෙලේ බැද ගන්න.

උපදෙස් – ප්‍රවීණ සූපවේදී ජගත් කටුගම්පල

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>