TT Ads

ශක්ති සම්පන්න නිරෝගීමත් සිරුරකට උරුමකම් කියන්නා සත්‍යවශයෙන්ම භාග්‍යවන්තයෙකි. මේ දෙක නොමැති තැන අප කුමන තරාතිරමක සිටියද ඉන් පලක් නැති බව පසක් වන්නේ ශරීර ශක්තිය ගිලිහී රෝගී වූ විටය.
අතීතයේ ජීවත් වූවන්ට සාපේක්ෂව අද ජීවත් වන මිනිසුන් ආයුෂයෙන්, ශක්ති සම්පන්න බවෙන්, ප්‍රඥාවෙන් මෙන්ම රූමත් බවෙන්ද හීනය යන්න අපට පිළිගන්නට සිදුවේ. ශරීර ශක්තියෙන් දුබල පුද්ගලයාට ඉවසීමේ ගුණය නුහුරුය. තම සිත තම පාලනයෙන් බැහැරය. මේ සියල්ල ඔබට ජය ගත හැකි “මාර්ගය” යෝග අභ්‍යාස ප්‍රගුණ කිරීමයි.
අද අප ඔබට හඳුන්වා දෙන කුර්මාසනය ආයුෂයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් මෙන්ම රූපශෝභාවෙන්ද ඔබ වඩවාලයි.

කුර්මාසනයට පිවිසෙන ආකාරය

 යෝග ඇතිරිල්ල මත වාඩි වී දෙපා මදක් දෙපසට විහිදුවන්න.
 සිරුර මදක් ඉදිරියට බර කරන්න.
 වම් කලවා මදක් ඔසවා, වම් අත කලවා යටින් ඇතුළු කර එම අත වම් පසට යොමු කරන්න උත්සාහ දරන්න.
 දකුණු අත දකුණු කලවා යටින් ගෙන දකුණු පසට යොමු කරන්න.
(ආසනය ප්‍රගුණ කිරීමත් සමග අත් දෙක සමාන්තරව දෙපසට විහිදන්නට හැකියාව ලැබේ.)
 ආශ්වාස ප්‍රශ්වාසයට අවධානය දෙමින් පපුව සහ නිකට පොළොවට ස්පර්ශ කරන්න. (පුහුණුවත් සමග ආසනයේ රැඳෙන්නට හැකියාව ලැබේ. ආධුනිකයින් හැකි තරම් පහළට කඳ කොටස යොමු කරන්න උත්සාහ කරන්න.)

කුර්මාසනයේ ප්‍රතිඵල

 මොළයට ඇති කරන යහපත් බලපෑම හේතුවෙන් ධාරණ ශක්තිය ඉහළ නංවයි
 රාත්‍රී නින්ද සම්බන්ධ ගැටලු පවතින අයට සුවබර නින්දක් ලබාදෙයි.
 මානසික ආතතියෙන් පෙළෙන අයට මනස සුවපත් කරවන ඖෂධයකි.
 නිතර කේන්ති යන ආවේගශීලී පුද්ගලයන් නියැළිය යුතුම යෝගාසනයකි.
 වකුගඩු සහ උදරගත ඉන්ද්‍රියයන් ශක්තිමත් කර ඒවායේ ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරයි.
 කොඳු ඇට පෙළෙහි නම්‍යශීලිබව ඇති කරවයි.

ප්‍රවීණ යෝගා උපදේශිකා,රේකී ආචාරිනී
ආර්යා ෆ්රෝලිව්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>