TT Ads

මේ දවස්වල බි‍්‍රතාන්‍යයේ කතාබහට ලක් වෙලා තියන කාරණාවක් තමයි බි‍්‍රතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි ලැයිස්තුවේ 6 වෙනියට ඉන්න හැරීගේ සහ බිරිඳ මේගන්ගේ අතිශය වැදගත් තීරණයක් ගැන කතාව. ඒ තමයි ඔවුන් දෙදෙනා රාජකීය පවුලෙන් සහ රාජකීය වගකීම්වලින් ඉවත් වෙන්න අරගෙන තියන තීරණය. හැරීගේ මේ තීරණය ගැනත් ඔහුගේ බිරිඳ මේගන් ගැනත් බීබීසී සේවය ඔහු සමග සම්මුඛ සාකච්ඡුාවක් සිදු කිරීමෙන් පසුව වාර්තා කර තිබූ ලිපියකින් කොටසක් තමයි මේ.
ඔබ එකපාරටම ජීවිතය ගැන ගත් තීරණය නිවැරදියි කියලා හිතෙනවාද?
මෙය එකපාරටම ගත් තීරණයක් නෙවෙයි. මාස හතක් අටක් විතර හොඳින් හිතලා බලලා ගත්තු තීරණයක්.
මොකක්ද මේකට හේතුව? අභ්‍යන්තර ආරවුලක් ද?
අභ්‍යන්තරයේ කිසිම ආරවුලක් නැහැ. රජ පවුලේ ජේ්‍ය්ෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වෙන්න වගේම මූල්‍ය වශයෙන් ස්වාධීන වෙන්න අපිට වුවමනා වුණා. ඒක අපේ දරුවා ආචි ගැන හිතලා ගත්තු තීරණයක් කියලා කිව්වොත් හරියටම හරි.
ඒ වගේ තීරණයකට දරුවා බලපාන්නේ කොහොමද?
සම්ප‍්‍රදායට සහ රජ පවුලේ නීතියට අනුව නම් රජ පවුලේ ජේ්‍ය්ෂ්ඨ සාමාජිකයන් කිසිම ආදායමක් ඉපැයීම තහනම්. ඔවුන් යැපෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් වෙන් කරන රාජකීය දීමනාවලින්. මේ වෙද්දි මම රජ පවුලේ ජේ්‍ය්ෂ්ඨ සාමාජිකයෙකු වන නිසා මා වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් වෙනවා. නමුත් ආචි තරුණ වියට පත් වුණාට පස්සේ ඔහු තවදුරටත් රජ පවුලේ ජේ්‍ය්ෂ්ඨ මට්ටමේ සාමාජිකයෙක් වෙන්නේ නැහැ. ඒ වෙද්දි ඔහු යම් ඉපැයීමකින් ජීවත් වෙන්න හැඩගැහිලා තියෙන්න ඕනෙ. ඉතින් ඒකට ඔහු හුරු වෙන්න නම් අපිට මේ තීරණය ගැනීම වැදගත්.
මෙය ඔබේ විජාතික බිරිඳගේ බලකිරීම නිසා ඔබ ගත් තීරණයක් කියලා මම කිව්වොත්?
අපි දෙන්නාම කතාබහ කරලා මාස ගණනාවක් කල්පනා කරලයි මෙය තීරණය කළේ. ඇයට මේ ගැන බල කරන්න තරම් හේතුවක් නැහැ.


ඔබේ විවාහයට මුලින් රජ පවුලෙන් අවසරයක් නොලැබුණේ ඔබ මේ වගේ තීරණයකට එයි කියලා වෙන්න පුළුවන්?
මේ තීරණය සහ විවාහය අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඇය විදේශික කාන්තාවක් වීම රජ පවුලේ සම්ප‍්‍රදාය අභිබවා යාමක් වෙන්නේ මම ඍජු ඔටුන්න හිමියා බවට පත් වුණොත් විතරයි. අනිත් කාරණය අපේ පේ‍්‍රම් සම්බන්ධයට හෝ විවාහයට රජ පවුලේ බාධාවක් හෝ අකමැත්තක් තිබුණේ නැහැ.
ඔබ එහෙම කිව්වත් රජ පවුලේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඔබ දෙදෙනා විවාහ වෙයි කියන බිය නිසාත් එය රාජකීය නම්බුවට ප‍්‍රශ්නයක් වන නිසාත් මේ විවාහයට කැමැත්ත දුන්නා මිස අවංක කැමැත්තක් ඔවුන් තුළ නැහැ කියලා තමයි ඒ කාලේ මාධ්‍යවල වාර්තා වුණේ?
මාධ්‍යවල වාර්තා වෙන දේවල් හරියටම හරි කියලා කොහොමද කියන්නේ? මගේ මව ගැනත් කොයි තරම් දේවල් මාධ්‍යවල වාර්තා වුණාද සහ තවමත් වාර්තා වෙනවද. ඒවා ගණන් ගත යුතු දේවල් කියලා අපි හිතන්නේ නැහැ. රජ පවුලේ නිල නිවේදන ඔස්සේ රාජකීයයන් ගැන වාර්තා වෙන දේවල් හැරුණාම අනිත් දේවල් සැළකිය යුතු නැහැ.
එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී තීරණ ගැනීම මේගන් සතුයි නේද?
සාමාන්‍යයෙන් වැදගත් තීරණ ගැනීමේ දී කතාබහ කිරීම තමයි අපේ පවුලේ ක‍්‍රමය. තනි කැමැත්තට තීරණ ගැනීමක් සිදු වෙන්නේ නැහැ.
ඔබ ඇයව හඳුනාගෙන ඉතාම කෙටි කාලයකින් විවාහ ගිවිස ගත්තා. ඔබ දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධයකට ඒ කෙටි කාලය ප‍්‍රමාණවත් වුණා ද?
අපි අතර පේ‍්‍රම සම්බන්ධයක් ඇති වෙලා අවුරුද්දක් වගේ කාලයකින් විවාහ ගිවිස ගැනීම සිදු වුණත් මම ඇයව අවුරුදු හතරක විතර ඉඳලා හඳුනාගෙන හිටියා. අපි ඉතාම හොඳ මිතුරන්ව ගත කළ කාලය තුළ එකිනෙකා හොඳින් හඳුනා ගන්න පුළුවන් වුණා. ඒ කාලය අපිට හොඳටම ප‍්‍රමාණවත්.
ඇය විජාතික වීම, වැඩිහමල් වීම, නිළියක වීම සහ දික්කසාද වීම කියන කාරණා ඔබට බලපෑවෙ කොහොමද?
මට බලපෑවේ ඇය ආදරණීය කාන්තාවක වීම කියන කාරණය විතරයි. ඉන් එහාට දේවල් කතා කරන්න තරම්වත් අවශ්‍ය දේවල් කියලා මම නම් හිතන්නේ නැහැ.
ඔබ දෙදෙනා රජ පවුලෙන් ඉවත් වුණාට පස්සේ පදිංචි වෙන්න හිතාගෙන ඉන්නේ ඇමෙරිකාවේ ද?
ඇය ඇමෙරිකානුවෙක් වුණත් පදිංචි වෙලා හිටියේ කැනඩාවේ. අපේ ස්ථිර පදිංචිය සඳහා කැනඩාව තෝරා ගත්තත් බි‍්‍රතාන්‍යයේ ජීවත් වෙන්නත් අවුරුද්දේ මාස කීපයක් වෙන් කරගන්නවා.
කැනඩාවේ දී ඔබ දෙදෙනාගේ ජීවන වියදම් වෙනුවෙන් ඇය නැවතත් වෘත්තීය නිළියක ලෙස ජීවිතය ආරම්භ කරනවා ද?
අපි තාමත් අපේ වෘත්තීන් ගැන තීරණයක් අරගෙන නැහැ. තාම අපේ තීරණයේ මූලික අදියරේ තමයි අපි ඉන්නේ. ඒ ගැන ඉදිරියට හිතන්න ඕනෙ.
මේ තීරණයට රජ පවුලෙන් ලැබුණු ප‍්‍රතිචාර කොහොමද?
අපි අපේ තීරණය ගැන රජ පවුලේ ජේ්‍ය්ෂ්ඨ සාමාජිකයන්ට දැනුම් දීම සිදු කළා. මේ වෙද්දි ඒ ගැන අභ්‍යන්තර සාකච්ඡුා පැවැත්වෙනවා. ඉතින් මම තාම දන්නේ නැහැ ඔවුන් මොනවගේ පියවරක් ගනීද කියලා.
ඒ කියන්නේ ඔවුන් ඔබේ තීරණයට විරුද්ධ වුණොත් මේ තීරණය වෙනස් වෙනවා කියන එක ද?
මම හිතන්නේ නැහැ ඔවුන් විරුද්ධ වෙයි කියලා. ඒ නිසා අපි රජ පවුලෙන් ඉවත් වීම ඒ විදියටම සිදු වේවි.
නමුත් මේ තීරණය නිසා ඔබේ බිරිඳ ගැන වැරදි ප‍්‍රතිරූපයක් රජ පවුල තුළත් මහජනතාව තුළත් ගොඩ නැගෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
කෙනෙක් තමන්ගේ අනාගතය තනිවම ගොඩ නගා ගන්න උත්සාහා කරද්දි එයට බාධා කරන්න හෝ වැරදි ප‍්‍රතිරූප මවා ගන්න තරම් රජ පවුලේ සහ මහජනතාවගේ සිතිවිලි කිසිසේත්ම නපුරු නැහැ. මම රජ පවුලේ ජේ්‍ය්ෂ්ඨ සාමාජිකයෙක් විදියට එය හොඳින්ම දන්නවා.
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>