TT Ads

එළවළුවල රසයි පලතුරුවල රසයි එකට එක්වූ මේ අපූරු නැවුම් සලාදය බත් පිඟානේ රසවත් බව දෙගුණ තෙගුණ කරන බව නම් සිකුරුයි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • අන්නාසි ගෙඩි 01ක්
  • ඇපල් ගෙඩි 03ක්
  • මිදි ග්‍රෑම් 250ක්
  • සැල්දැරි ග්‍රෑම් 250ක්
  • කැරට් ග්‍රෑම් 250ක්
  • පේර ග්‍රෑම් 250ක්
  • ගම්මිරිස් ස්වල්පයක්
  • සීනි තේ හැඳි 1/2ක්
  • ඔලිව් ඔයිල් තේ හැඳි 2ක්
  • විනාකිරි ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

පළමුව එළවළු හා පලතුරු හොඳින් සෝදන්න. ඉන්පසු ඒවා අඟල් දෙකක් පමණ දිග කැබැලි වලට කපාගන්න. දැන් බඳුනක් ගෙන එයට සීනි, විනාකිරි, ලුණු සහ ඔලිව් ඔයිල් දමා කපාගත් එළවළු හා පලතුරු දමා කලවම් කරගන්න. මේ සැලඞ් එක කෑම මේසයට යවන්න සූදානම් වී පිළියෙළ කර ගත්තොත් නැවුම් බව එලෙසින්ම පවත්වා ගත හැකියි.

උපදෙස් – ප්‍රවීණ සූපවේදී සුජිත් ආරියරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>