TT Ads

වසර 80කට අධික කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන ලංකා බැංකුව, සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේම විශ්වාසය මෙන්ම ගෞරවය දිනාගැනීමට සමත්වූ බැංකුවකි. විශේෂයෙන් ලාංකේය ජනතාවගේ හදගැස්ම හඳුනා ගනිමින්, ඔවුනගේ මූල්‍ය අවශ්‍යතාවන් සඳහා උචිත මූල්‍ය විසඳුම් සහ සැලසුම් නිර්මාණය කිරීමේ කාර්යයේදී ලංකා බැංකුව වෙත හිමිව ඇත්තේ සුවිශේෂී වූ ස්ථානයකි. මෙහි අද්විතීය සේවාවන් අතර තවත් එක් සුවිශේෂී අංගයක් ලෙස ඊධක්‍ රන් සුරැකුම් සේවාව දැක්විය හැකිය.

හදිසි මුදල් අවශ්‍යතාවය අප කාටත් ඇතිවන තත්ත්වයකි. එහිදී අප බොහෝ විට අප සතු රන් භාණ්ඩ තැන්පත් කර එම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට යොමුවීම සාමාන්‍ය ක්‍රමවේදයයි. නමුත් මෙය සාමාන්‍ය ක්‍රමවේදය වුවත් එය ඉතා විශ්වසනීය අයුරින් සිදුකරගැනීම සඳහා දේශීය වශයෙන් ඇති ප්‍රමුඛ සේවාවක් ලෙස මෙම ලංකා බැංකුවේ රන් සුරැකුම් සේවාව දැක්විය හැකිය. මෙම සේවාව යටතේ ඔබගේ රන් භාණ්ඩ සඳහා මිනිත්තු කිහිපයක් තුළ ණය මුදල් ලබාගැනීමේ හැකියාව සලසා දී ඇති අතර, මෙය දිවයින පුරා ව්‍යාප්ත සේවාවක් වශයෙන් පවත්වාගෙන යාමද සුවිශේෂී තත්ත්වයකි.

රන් හා බැඳි අනෙක් සුවිශේෂී කරුණ වන්නේ විශ්වාසයයි. රාජ්‍ය බැංකුවක පූර්ණ සුරක්‍ෂිතතාවය රැඳි ලංකා බැංකුව, ඔබගේ රන් භාණ්ඩ සඳහා මනා තක්සේරුවන් මෙන්ම ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි ණය මුදල් ලබාදීමේ කාර්යයේදී ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගන්නා ආයතනයකි. මෙහිදී ගනුදෙනු කරුවන් ලෙස ඔබ හට කිසිදු බාධාවකින් හෝ අපහසුතාවයකින් තොරව ණය මුදල් ලබා ගැනීමේ පරිසරයක් සිය ආයතනයන් තුළ ක්‍රියාත්මක කර තිබීම විශේෂ තත්ත්වයකි. අවම ලිපිගොනු භාවිතයකින් ඉතා ක්‍ෂණිකව ඔබගේ අවශ්‍යතාවය වෙනුවෙන්ම වෙන්වූ අංශයන් ඔස්සේ මෙම සේවාවන් දියත් කිරීම බොහෝ ගනුදෙනුකරුවන්ගේ ප්‍රසාදය දිනාගැනීමට හේතු වී ඇත. මෙයට අමතරව තෝරාගත් ශාඛාවල අමතර සේවා කාලයන් ක්‍රියාත්මක කිරීම, රන් භාණ්ඩවල පවත්නා කැරට් අගය මත ණය මුදල් තීරණය කිරිම, කල් පිරෙන කාල සීමාව තුළ කොටස් වශයෙන් පහසු ගෙවීමේ ක්‍රමවේදය, අසීමිත නැවත අලුත් කිරීමේ විකල්ප, වෙළඳපළේ පවතින අඩුම පොලී අනුපාතය, ණය මුදල් සහ ආකර්ෂණීය පොලී අනුපාත මෙන්ම පිරිසැකසුම් ගාස්තු නොමැති වීම ලංකා බැංකුවේ රන් සුරැකීම් සේවාව සමඟ එක්වීමෙන් ගනුදෙනුකරුවන් වෙත අත්වන සුවිශේෂී වූ ප්‍රතිලාභයන්ගෙන් කිහිපයකි.
රන් සුරැකුම් සේවාව ඉලක්ක කර ගනිමින් ලංකා බැංකුව විසින් සුවිශේෂී වූ ප්‍රතිලාභ රැසක් ගනුදෙනුකරුවන් වෙත ලබාදීමටද ඉදිරිපත්ව ඇති බව මෙහිදී සතුටින් දන්වා සිටිමු. ඒ යටතේ රන් පවුමක් සඳහා රු. 53,500 දක්වා අත්තිකාරම්. වාර්ෂික පොලිය පමණක් ගෙවා අත්තිකාරම් මුදල අලුත් කිරීමේ හැකියාව, රු.100 ට රු. 1.16 සිට අඩුම මාසික පොලියක් අයකිරීම මෙන්ම කාන්තා රන් ගිණුම් හිමියන් සහ විරුසර කාඞ්පත් හිමියන් සඳහා අඩු පොලී අනුපාත සැපයීම ආදී සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමිවේ.

මෙයට අමතරව මෙම සේවාව යටතේ වාර්ෂික පොලිය පමණක් ගෙවා අත්තිකාරම් මුදල අලුත් කිරීමේ හැකියාව, ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් අත්තිකාරම් මුදල හෝ ඉන් කොටසක් ගෙවීමේ හැකියාව, කලින් දැනුම් දීමකින් තොරව ගනුදෙනු කරන ඕනෑම වෙලාවක රන් භාණ්ඩ බේරාගැනීමේ හැකියාව වැනි පහසුකම් රැසක් මෙම ඊධක්‍ රන් සුරැකුම් සේවාව ඔස්සේ ගනුදෙනුකරුවන් වෙත හිමිවීම කැපී පෙනෙන කරුණකි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>