TT Ads

හැටන් නැෂනල් බැංකුව මෙම උත්සව සමයේත් HNB කාඞ්පත් මගින් විශේෂිත වූ වට්ටම් තම වටිනා පාරිභෝගිකයන්ට ලබා දෙන බව නිවේදනය කර සිටියි.දිවයින පුරා පිහිටි වෙළඳ ආයතන 200 කට අධික සංඛ්‍යාවකින් 70% ක් දක්වා වූ වට්ටම් උත්සව සමයේදී HNB කාඞ්පත් හිමියන්ට ලබා ගත හැකි බව බැංකුව වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියි.
තම පාරිභෝගිකයන්ට හොඳම දේ ලබා දීමට සැමවිටම උනන්දු වන හැටන් නැෂනල් බැංකුව පිළිගත් දේශීය සහ ජාත්‍යන්තර සන්නාම විශාල සංඛ්‍යාවක් සඳහා විශේෂ වූ වට්ටම් ලබා දීමට තීරණය කර ඇත. මීට අතිරේකව ළඟ එන උත්සව සමයේ තම සමීපතයන් සමග නිවාඩුව ගතකරන්න ,ආහාර වේලක් බුක්ති විඳින්න හොඳම ආපන ශාලා හෝටල් සහ විනෝදාස්වාදය ගෙන දෙන ස්ථාන රාශියක් සඳහාද මෙම සුවිශේෂී වට්ටම් පිරිනමනු ලැබේ.
මේ පිළිබඳව අදහස් දක්වන HNB කාඞ්පත් ප‍්‍රධානි (නිකුත් කිරීම්) ගෞතමි නිරංජන් ” වසරක අවසානය අපගේ HNB පාරිභෝගිකයන්ට වගේම සැමටම සතුටුදායක සහ උත්සව සැමරුම් අවස්ථාවක් වෙන අතර අප පාරිභෝගිකයන් උත්සව සමයේ HNB කාඞ්පත් ප‍්‍රවර්ධන දීමනා නිවේදනය කරන තෙක් නොඉවසිල්ලෙන් ඉන්නා බව අප දන්නවා. මන්ද HNB ප‍්‍රවර්ධන දීමනා තුලින් කාඞ්පත් හිමියන්ට වගේම ඔවුන්ගේ ආදරණීයයන්ටත් විශාල පරාසයක තෝරාගැනීම් සිදුකරමින් ප‍්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව ඔවුන්ට විශ්වාස ” යයි පැවසීය.
මෙම වසරේ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකාවේ පිහිටි ජනප‍්‍රියතම විලාසිතා සන්නාම ආයතන 100 කට අධික සංඛ්‍යාවකින් මෙන්ම හෝටල් සහ ආපන ශාලා ජාලයන් 100 කට අධික ප‍්‍රමාණයකින් වට්ටම් ලබාගත හැකි අතර මේ යටතේ 45 කට ආසන්න ප‍්‍රසිද්ධ විලසිතා සන්නාම සංඛ්‍යාවක් මෙන්ම 20 කට අධික ප‍්‍රසිද්ධතම භෝජනාගාර ද ඇතුලත් වීම විශේෂත්වයකි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>