TT Ads

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance සිය ඩිජිටල් මූල්‍ය සේවාවන් පාරිභෝගිකයින් වෙත වඩාත් පහසුවෙන් ගෙන යෑම සඳහා ඩිජිටල් මූල්‍ය සේවා සැපයීමේ ප‍්‍රචලිත සමාගමක් වන Moneyworkz.lk සමගින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹිනි.

Moneyworkz.lk වෙබ් අඩවිය මගින් පාරිභෝගිකයින්ට ශ‍්‍රී ලංකාවේ සියලූම බැංකු හා මූල්‍ය ආයතනයන්හි සේවාවන් මිනිත්තුවකට අඩු කාලයක් තුළ සැසඳීමට හා අයදුම් කිරීමට ඉඩ සලසයි. කිසිදු අමතර ගාස්තුවකින් තොරව බැංකු සේවාවන් පාරිභෝගිකයින් වෙත ගෙන යෑම මෙහි ඇති විශේෂත්වය වේ.

මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳව අදහස් දක්වන HNB Finance හි කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා ‘‘ඩිජිටල් මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් රැසක් හඳුන්වාදී ඇති ඵදබැහඅදරන‘ගකන සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට හැකිවීම පිලිබඳව අපි සතුටට පත් වන අතර මූල්‍ය සේවා සැපයීමේදී අප විසින් සනාථ කර ඇති විශිෂ්ඨ සේවාව සහ පාරිභෝගික පහසුව වර්ධනය කිරීම සඳහා අපට එළැඹිය හැකි වඩාත් ඵලදායීම සබඳතාව මෙය බව නිසැකවම කිව හැකියි. මෙම නවතම සම්බන්ධතාව තුළ දැනට අප විසින් ලබා දෙන ඩිජිටල් මූල්‍ය සේවා පාරිභෝගික පහසුව තීව‍්‍ර කරන ආකාරයට ලබා දීම අපගේ අරමුණයි’’.

Moneyworkz.lk අන්තර්ජාලය හරහා ඩිජිටල් මූල්‍ය සේවා සපයන ආයතනයක් වන අතර මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම තුළ පාරිභෝගිකයින්ට වඩාත් වේගවත්ව සහ කාර්යක්‍ෂමව සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකියාව ලබා දෙයි.

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>