TT Ads

 

ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අගනා සේවාවක් ඉටුකරන නව නිර්මාණාත්මක වෘත්තීමය කේශාලංකාර හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමය (IPHABA) වාර්ෂිකව සංවිධානය කරනු ලබන කේශාලංකාර සහ රූපලාවන්‍ය වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් පසුගියදා අම්පාර නගර සභා ශාලාවේදී අම්පාර නගරාධිපති චමින්ද සුගත් සහ අමාත්‍ය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති කීර්ති ශ්‍රී වික්‍රමසිංහ  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්වුනි.

ශ්‍රී ලංකේය රූපලාවන්‍ය හා කේශාලංකාර ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන ප්‍රේමසිරි හේවාවසම්, ප්‍රසන්න කොළඹ ආරච්චි, චම්පා හිල්, ශිරෝමි ලංකා වැනි බොහෝ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පීන් මෙම වැඩසටහනට සහභාගී වූ අතර වැඩසටහන මෙහෙයවූයේ ජනප්‍රිය දක්ෂ නිවේදිකාවක් වන ඈන් ගුණවර්ධනය.

මානව සුවතාවය තම තේමාව කරගත් රටවල් 34ක ව්‍යාපාර කටයුතු සිදුකරන මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය ක්ෂේත්‍රයට මීට වසර 15කට පෙර හඳුන්වා දුන් සම සඳහා වූ ප්‍රථම පරිපූර්ණ පෝෂණ අතිරේකය වන Glow, මෙම වැඩමුළුවේ ප්‍රධාන අනුග්‍රාහකත්වයක් දැරූ අතර මෙගා ලයිෆ් සයන්සස් සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු රුක්ෂාන් බී අතාවුද සහ එහි කාර්ය මණ්ඩලය ඊට සහභාගී වූහ.

මුහුදු ප්‍රෝටීන සහ කොලජන් මිදි ඇට සාරය, විටමින් C සහ E, පයින් බාර්ක් සාරය, ග්‍රීන් ටී, තක්කාලි සාරය, ස්වාභාවික බීටා කැරටින් සහ වෙනත් කැරොටිනයිස්ඩ් හා හෝස්ටේල් සාරය ආදී වූ ස්වාභාවික සාරයන්ගේ නියමිත මාත්‍රා සංයුතීන් එක්කොට නිපදවූ ග්ලෝ, සමේ ශක්තිය, ඇදෙන සුළු බව හා ඝනකම වැඩි කරන අතර හිරු එළිය, පරිසර දූෂණය, ආතතිය යනාදිය මගින් ජනිත වන නිදහස් මූලධාතු (Free Radicals) වල හානිකර බලවෑම් වලින් සම ආරක්ෂා කරයි. තවද සමේ රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර  සමෙහි තෙතමනය හා පැහැදිලි බව හොඳින් පවත්වා ගනී. ඊට අමතරව සම සම වියපත් වීමෙන්ද වළක්වා ගනී.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>