TT Ads

 

වසර ගණනාවක් මුඵල්ලේ ශී‍්‍ර ලාංකික වෙළදපලට ස්වාභාවික, ප‍්‍රමිතියෙන් උසස්, සෞඛ්‍යයට හිතකර සහ විශ්වාසනීය ප‍්‍රතිඵල ලබා දෙන නිෂ්පාදන පෙළක් තිළිණ කරන Hi-Care Pharma පුද්ගලික සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂ තරංග ලංකා වීරවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ප‍්‍රථම වරට සංවිධානය කෙරුණු ‘‘Offmarks රූ සොබා’’ රූපලාවන්‍ය සහ සෞඛ්‍ය වැඩමුඵව පසුගිය දින කිරිබත්ගොඩ Hotel Royal Park හීදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනි. එය දිවයිනේ ප‍්‍රවිණ හා ජේෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනියන් වන බර්නි බාලසූරිය සහ හසිනි ගුණසේකර යන මහත්මියන් විසින් මෙහෙයවනු ලැබූ අතර ඒ සදහා Offmarks සන්නාම තානාපතිවරියන් වන ප‍්‍රවිණ රංගන ශිල්පිනී චතුරිකා පීරිස්, ජනපි‍්‍රය ගායන ශිල්පිනී නදිනි පේ‍්‍රමදාස, නව පරපුරේ ජනපි‍්‍රය රංගන ශිල්පිනී ගීත්මා බණ්ඩාර සහ ටනාෂා හතරසිංහ, සහ වෛද්‍ය නදීකා ප‍්‍රමෝදනී මහත්මියද සහභාගී විය. මෙම වැඩමුඵවේදී නොමිලේ නව රූපලාවන්‍ය ප‍්‍රවණතා පිළිබදව දැනුම, වෛද්‍ය උපදෙස් සහ රූපලාවන්‍ය උපදෙස් ලබා දුන් අතර එය මනාලියන් හැඩගැන්වීම සහ Offmarks කුමරිය තේරීම ආදී විශේෂාංගයන්ගෙන්ද සමන්විත විය. වැඩමුඵවට සහභාගී වුවන්ට සහ ජයග‍්‍රාහිකාවන්ට වටිනා මුදල් ත්‍යාග, කුසලාන හා සහතික පත් පිරිනැමූ අතර පැමිණ සිටි පිරිස සමග Offmarks  සන්නාම තානාපතිවරියන්ට ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදාගන්නටත් අවස්ථාව සැලසුනි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>