TT Ads

 

නිවාස ණය පහසුකම් සපයන ශ්‍රී ලංකාවේ පැරණිතම රාජ්‍ය බැංකුවක් ලෙස 1984 ඇරඹි HDFC බැංකුව අද වන විට නිවාස ණය පහසුකම්වලට අමතරව වැඩිහිටි සහ ළමා ඉතුරුම් ගිණුම්, ආයෝජන සැලසුම්, ස්ථාවර තැන්පතු ලීසිං පහසුකම්, උකස් ණය පහසුකම් ඇතුළුව මූල්‍ය ක්ෂේත්‍රයේ සියලුම අවශ්‍යතා සඳහා පුළුල් පරාසයක පැතිරුණු විසඳුම් හඳුන්වාදී තිබේ. Set for Life යනු ඒ අතර ඇති විශ්‍රාම දිවිය සඳහා වාසි රැසක් රැගත් නව ආයෝජන සැලසුමකි. ඒ පිළිබඳ “රැජිනිය” සමග මෙසේ අදහස් පළ කළේ HDFC බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිනී (ව්‍යාපාර ප්‍රවර්ධන හා අලෙවිකරණ) හිමාලි ගුණතිලක මහත්මියයි.

Set for Life ආයෝජන සැලසුම හඳුන්වා දී තිබෙන්නේ කවුරුන් වෙනුවෙන්ද?
Set for Life කියන්නේ රැකියාවන්හි නියුතුවන තරුණ තරුණියන්ට තමන්ගේ විශ්‍රාම දිවිය සැලසුම් කර ගැනීම සඳහා HDFC බැංකුව විසින් හඳුන්වා දෙන ලද ආයෝජන සැලසුමක්. අද කාලේ තරුණ තරුණයන් ඔවුන්ගේ පෙර පරම්පරාවල වැඩිහිටියන්ට වඩා වෙනස් විදිහටයි තමන්ගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කරන්නේ. ඔවුන් තමන්ගේ ජීවිතයේ දීර්ඝ කාලයක් රැකියාවක් කරමින් ඉන්න කැමති නැහැ. රැකියාවක නියුතු විය හැකි කාලේ බොහෝ වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා ඉක්මනින් රැකියාවෙන් විශ්‍රාම ලබා සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. එවැනි ආකල්ප වලින් යුත් තරුණ පරපුරට වඩාත්ම ගැළපෙන විශ්‍රාම සැලසුම විදිහට Set for life, හඳුන්වා දෙන්න පුළුවන්.

Set for Life ආයෝජන සැලසුමෙහි ඇති විශේෂත්වයන් මොනවාද?

දැනට මෙරට හඳුන්වා දී තිබෙන හොඳම විශ්‍රාම සැලසුම තමයි Set for life,, කියන්නේ. වැදගත්ම කාරණය තමයි එය මෙරට අන් කිසිදු බැංකුවකින් හෝ වෙනත් මූල්‍ය ආයතනයකින් මෙතෙක් හඳුන්වා දෙන ලද ඕනෑම විශ්‍රාම සැලසුමකට වඩා නම්‍යශීලී විශ්‍රාම සැලසුමක් වීම. ඔබේ ආදායමට ගැලපෙන තැන්පත් රටාවක් ඔබටම තෝරා ගත හැකියි.

හිමාලි ගුණතිලක සහකාර සාමාන්‍යාධිකාරිනී (ව්‍යාපාර ප්‍රවර්ධන හා අලෙවිකරණ)

 

Set for Life ආයෝජන සැලසුම ඒ අතරින් වෙනස් වන්නේ කොහොමද?
වයස අවුරුදු 18 සිට ඉහළට ඕනෑම කෙනෙකුට අවමය රුපියල් 1000ක මුදලකින් Set for life විශ්‍රාම සැලසුම ආරම්භ කරන්න පුළුවන්. එහිදී ඔවුන් බැංකුව වෙත ගෙවිය යුතු මුදල කොපමණද? එය ගෙවිය යුතු වන්නේ කවර කාල සීමාවකට වරක්ද කියලා කොන්දේසි පනවන්නේ නැහැ. මෙවැනි කාරණා නිසා ඕනෑම ආදායම් මට්ටමක කෙනෙකුට මේ විශ්‍රාම සැලසුම සමග සම්බන්ධ වීම ඉතා පහසුයි. විශේෂත්වය තමයි තමන්ගේ විශ්‍රාම වැටුප කොපමණ විය යුතුද කියන තීරණය ගන්නේ තමන්මයි. ඒ වගේම තමයි වයස 55න් පසු තමන් ජීවත්වන තුරා මෙයින් විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට හෝ අවශ්‍ය නම් තමන් තැන්පත් කළ මුදල එහි පොළියත් සමග වයස 55දී ලබා ගන්න පුළුවන්. එසේ නොමැතිනම් ඒ මුදලින් කොටසක් ලබාගෙන ඉතිරි මුදල සඳහා තමන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන මෙන් බැංකුවෙන් ඉල්ලීමක් කරන්නත් පුළුවන්.

යම් කෙනෙකුට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමෙන් මීට වඩා වැඩි පොළියක් ලබා ගන්න බැරිද?
බැහැ. මොකද ස්ථාවර තැන්පතුවකින් ලැබෙන පොළියට වඩා ඉහළ පොළියක් Set for life විශ්‍රාම සැලසුමෙන් හිමි වෙනවා. එය ඉතාම වැදගත් කාරණයක්.

Set for Life ආයෝජන සැලසුමෙහි තැන්පතු මුදලේ සුරක්ෂිතතාවය ගැන සහතික විය හැකිද?

Set for Life විශ්‍රාම සැලසුම සඳහා යොදවන මුදලේ සුරක්ෂිතතාවය 100% වැඩියි කියලා කියන්න පුළුවන්. ඒ HDFC බැංකුව ඒ මුදල් යොදවන්නේ නිවාස ණය ලබා දීම සඳහා වන නිසායි. ඒ නිසා සෑම අවස්ථාවකදීම ඒ මුදල් හා බැඳුණු කිසියම් දේපොළක් අප බැංකුව සතුව තිබෙනවා.
මේ හේතුවෙන් Set for Life විශ්‍රාම සැලසුමක් පවත්වාගෙන යාමේදී තැන්පත් කළ මුදලට වැඩි වටිනාකමක දේපොළක් නිතරම බැංකුව සතුව තිබෙන නිසා ගිණුම් හිමියා තමන්ගේ මුදල නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිසේත්ම බිය විය යුතු නැහැ. කෙටියෙන්ම කීවොත් ඒ තැන්පතු මුදල් ඉතා ආරක්ෂිතයි. මේ නිසා තමයි ඔබේ විශ්‍රාම දිවිය ක්‍රමවත් ලෙස සැලසුම් කර ගැනීම සඳහා Set for Life, විශ්‍රාම සැලසුම සමග එක්වෙන ලෙස අප තරුණ තරුණියන්ට ආරාධනා කර සිටින්නේ.

කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>